සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, රු. 15,000 කට වැඩි සෞඛ්‍ය සහ අධ්‍යාපන වියදම් සඳහා සෙලාන් ක්‍රෙඩිට් කාඞ්පත් හරහා කිසිදු පොලියකින් තොරව වාරික පහසු ගෙවීමේ ක්‍රම පිරිනැමීමට තීරණය කර ඇත. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්රය සම්බන්ධ වියදම් ඉහළ අගයක් ගන්නා බැවින් මෙම පොලියකින් තොරව වාරික පහසු ගෙවීමේ ක්‍රමය හරහා සිය අත්‍යවශ්‍ය වියදම් කළමනාකරණය කර ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන් හට හිමිවේ.
එදිනෙදා අවශ්‍යතා සඳහා පාරිභෝගිකයන් හට අත්‍යවශ්‍යම මූල්‍ය සහකරුවෙකු ලෙස පාරිභෝගිකයන්ගේ විශ්වාසය හිමිකරගෙන ඇති සෙලාන් ක්‍රෙඩිට් කාඞ්පත්, සිය හවුල්කාර රෝහල් සහ අධ්‍යාපන ආයතන හරහා පිරිනමන වෙනත් වට්ටම් රැස සමගින් ඕනෑම රෝහල් සහ අධ්‍යාපන බිල්පතක් සඳහා මෙම පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමය හඳුන්වා දී ඇත. ඒ අනුව, නවලෝක රෝහල සැත්කම් සඳහා ඇතුළත් වීමේ ගාස්තුවෙන් 5%ක්ද, ඩර්ඩන්ස් රෝහල රෝහල් කාමර ගාස්තුවෙන් 25%ක්ද ලෙස වට්ටම් පිරිනමයි, අධ්‍යාපන අංශයෙන් Academy of Design ආයතනයේ පාඨමාලා සඳහා ඇතුළත් වීමේ ගාස්තුවෙන් 15%ක් හිමිකර ගැනීමට සෙලාන් කාඞ්පත්හිමියන්ට හැකියාව ලැබේ.











