‘Top 50’Professional and Carrer Woman Awards Sri Lanka – 2020 වෘත්තීය කාන්තා සම්මාන උළලේදී සිළුමිණ පුවත්පතේ ව්‍යාපාරික කතුවරිය වන ඉනෝකා පෙරේරා බණ්ඩාර ‘මුද්‍රිත මාධ්‍ය අංශයේ, වෘත්තීය සාර්ථකත්වය සඳහා වූ රන් සම්මානය’ දිනා ගත්තාය.
1996 වසරේ, ‘තරුණි’ පුවත්පතේ නිදහස් ලේඛිකාවක ලෙස සිය පුවත්පත් ජීවිතය අරඹා, ශ්‍රී ලංකාවේ දැවැන්තම පුවත්පත් සමාගම වන ලේක්හවුස් ආයතනයේ ‘සිළුමිණ’ පුවත්පතේ ව්‍යාපාරික කතුවරිය දක්වා ආ ගමනේ, තරුණි සහ සිළුමිණ පුවත්පත් හරහා කාන්තාවට, සමාජයට, ව්‍යවසායක ප්‍රජාවට සහ ඇගෙන් පුවත්පතට වූ දායකත්වය මෙම රන් සම්මානය සඳහා වූ තක්සේරුවට සහ කාර්යසාධනයට ලක් කරන ලදී.
මින් පෙර 2004 වසරේදී සිළුමිණ රසඳුන අතිරේකය වෙනුවෙන්, හොඳම විශේෂාංග රචකයාට හිමි උපාලි විජයවර්ධන සම්මානය ඇතුළු මාධ්‍ය විශිෂ්ටතා සම්මාන ත්‍රිත්වයක් දිනා ඇති ඉනෝකා, දෙහිවල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ආදි සිසුවියකි.











