බුද්ධි අංශ අනතුරු අගවා තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම මුල්කොටගෙන පුද්ගලයන් 270කට අධික පිරිසක් මියයාම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ප්‍රධානීන් ගණනාවකට අපරාධ චෝදනා යටතේ නඩු පවරන ලෙස ඒ පිළිබද විමර්ශනය කළ ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇත.
මේ දෙදෙනාට අමතරව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන මහත්වරුන්ටද අපරාධ චෝදනා යටතේ නඩු පවරන ලෙසට නිර්දේශ කර තිබේ.
මෙම කොමිසමේ වාර්තාව පසුගිය සතියේ ජනාධිපතිවරයා වෙත බාර දීමට පියවර ගෙන තිබිණ.










