ADVERTISEMENT
ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප්‍රමුඛ පෙළ මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පී.එල්.සී., පසුගියදා පැවැති ලෝක ළමාදිනය නිමිතිකොට ගනිමින්, “සියපත කිරුළ” නවතම ළමා ඉතිරිකිරීමේ ගිණුම හඳුන්වා දෙන ලදී.
ළමුන් සඳහා ආකර්ෂණීය ප්‍රතිලාභ රැසක් හඳුන්වාදෙමින් විශේෂයෙන් සකස් කළ “සියපත කිරුළ” ළමා ඉතුරුම් ගිණුම සඳහා ආකර්ෂණීය පොලී අනුපාතයක් හිමිවන අතර, එය දිනපතා ගණනය කර මාසය අවසානයේ ගිණුමට බැර කෙරේ. අනාගතයේදී දරුවාගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශක්තිමත් මූල්‍ය ස්ථාවරත්වයක් ගොඩනැංවීමෙහිලා “සියපත කිරුළ” ළමා ඉතුරුම් ගිණුම වඩාත් ඵලදායී තෝරාගැනීමකි.