දීපව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා හෘදයාංගම පාරිභෝගික සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප්‍රමුඛ පෙළ මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පී.එල්.සී. පිටකොටුව ශාඛාව, 2019 ජූලි මස 11 වැනි දින, පිටකොටුවේ, කෙළින් වීදියේ අංක 341 දරන ස්ථානයේ දී සුබ මොහොතින් විවෘත කරන ලදී.
සියපත ෆිනෑන්ස්හි නියෝජ්‍ය සභාපති ප්‍රශාන්ත ලාල් ද අල්විස්, කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න සහ අධ්‍යක්ෂ ජයනාත් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා ආරාධිත අමුත්තන් රැසක් ඇතුළු සියපත ෆිනෑන්ස් කළමනාකාරීත්ව සාමාජිකයන් රැසකගේ සහභාගිත්වයෙන් විවෘත කෙරුණු මෙම පිටකොටුව නව ශාඛාව සියපත ෆිනෑන්ස් දීපව්‍යාප්ත ශක්තිමත් ශාඛා ජාලයේ 34 වැනි ශාඛාව වේ.