ක්‍රිකට් හා විනෝදය සමග සබැඳුණු ශ්‍රී ලාංකීය ක්‍රිකට් රසිකයන්ගේ හද බැඳි ප්‍රීමා කොත්තු මී ‘හොට් ඇන්ඞ් ස්පයිසි ක්‍රිකට්’ ප්‍රවර්ධන වැඩසටහන හයවැනි වරටත් අති සාර්ථක ලෙස ක්‍රියාත්මකවී පසුගියදා අවසන් කෙරිණි. පුරා මාස 2ක් තිස්සේ එනම් ජූනි මස 01 වැනිදා සිට ජූලි මස 31 වැනිදා දක්වා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හා සමගාමීව දිනපතා හා සතිපතා දිනුම් ඇදීම් සමග මාසික මහා දිනුම් ඇදීම් හරහා ජයග්‍රාහකයන් රැසක් මෙවරත් ‘හොට් ඇන්ඞ් ස්පයිසි ක්‍රිකට්’ ප්‍රවර්ධන වැඩසටහන සමග බිහිකෙරිණි.
ඕනෑම ප්‍රීමා කොත්තු මී පැකට්ටුවක් තුළ ඇති රහස් අංකය, 2343 අංකයට SMS කිරීමෙන් ‘හොට් ඇන්ඞ් ස්පයිසි ක්‍රිකට්’ ප්‍රවර්ධන වැඩසටහන වෙත ඇතුළත් වී වටිනා ත්‍යාග රැසක් දිනාගැනීමේ අවස්ථාව පාරිභෝගික ජනතාවට හිමිවිය.