මෙරට සුඛෝපභෝගී වෙරළබඩ හෝටලයක් වන සිට්රස් වස්කඩුව හෝටලය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වීම සඳහා කොළඹ කිංග්ස් රෝහල සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. ශ්‍රී ලංකාව කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට දරන උත්සාහයට සහයෝගය ලබාදීම සඳහා මෙම පියවර ගෙන ඇත. තම පරිශ්‍රය හා එහි පහසුකම් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා රජයට අවස්ථාව ලබාදුන් මුල්ම හෝටල් අතරින් එකක් වන සිට්රස් වස්කඩුව හෝටලය, ගෝලීය කොවිඩ්-19 වසංගත රෝග තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට ඉක්මනින් යළි නැගී සිටීමට සහ ශ්‍රී ලාංකිකයන්ට නව ජීවන රටාවන්ට හුරුවීමට අත්වැලක් ලබාදීමේ උත්සාහයක් ලෙස මෙම මෙහෙවරට උරදී සිටී.
මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය 2021 මාර්තු 05 දින සිට ක්‍රියාත්මක වේ.











