ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් විසින් ඉහළ විනෝදාස්වාදයක් සඳහා වූ Sony නිෂ්පාදන පෙළක් වෙළෙඳ පොළට හඳුන්වා දී ඇත. පසුගියදා අන්තර්ජාලය හරහා සිදු කෙරුණු දැවැන්ත නිෂ්පාදන දියත් කිරීමේ වැඩසහටහකින් මෙම උපාංග හඳුන්වා දීම සිදු විය.
4K UHD ඇන්ඩ්‍රෝයිඩ් රූපවාහිනී මාදිලි, Sony ඕඩියෝ සිස්ටම්ස්, ඇක්ටිව් නොයිස් කැන්සලේෂන් පවර්ඩ් හෙඩ්ෆෝන්ස් සහ Sony සවුන්ඩ් බාර්ස් මාදිලි රැසක් මෙලෙස හඳුන්වා දුන් නව නිෂ්පාදන අතරට එක් වේ.
මෙම නිෂ්පාදන හඳුන්වා දීමේ වැඩසටන අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමයට පැවැත්වුණු අතර, එය සිංගර් සහ Sony සමාජ මාධ්‍ය ගිණුම් තුළ, Chanux Bro ඇතුළු තවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුගේ සමාජ මාධ්‍ය ගිණුම් තුළ විකාශනය වූයේ විශාල ප්‍රේක්ෂක ප්‍රමාණයකගේ ආකර්ෂණය දිනා ගනිමිනි.











