• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඉන්න තැන හොඳින් ඉන්න

February 28, 2021
in Heart
Reading Time: 1 min read
A A
ඉන්න තැන හොඳින් ඉන්න
Share on WhatsAppShare on Facebook

⬤ මට ශ්‍රීදේවි වගේ වෙන්න හීන හතකින්වත් බැහැ…

මවක මිස, දුවකට අන් කල්‍යාණ මිතුරියක් කොයින්ද?
සෑම අම්මා කෙනකුම තම දූවරුන් හමුවේ දුක, සතුට බෙදා ගන්නා සමීපතම මිතුරියක විය යුතුය.
ඒ හැඟීම්බර යහළුකම හමුවේ යොවුන් කෙල්ලන් රැවටිලිකාර පෙම්වතුන්ගේ දැලට හසුවන අවස්ථාවන් බොහෝ දුරට වියැකී යනු ඇත.
අවවාදය සේම, ආදර්ශයෙන්ද මම එය මගේ පවුල තුළ රඟදක්වමි.., මේ මුළු ලොව තුළ ජාන්වීට සිටින හොඳම මිතුරිය මම වෙමි..,
ජාන්වී… ඔබ මට විශ්වයකි. මගේ පුංචි කෙල්ලට සුබම සුබ උපන් දිනයක් වේවා…!
මේ… සංවේදී සටහන භාරතීය සුපිරි නිළි රැජන ශ්‍රීදේවි විසින් සිය ඉන්ස්ටර්ග්‍රෑමයේ මුදාහැර තිබුණේ 2017 අවුරුද්දේ මාර්තු මස 06 වැනි දින හිමිදිරියේය. ඒ සිය වැඩිමල් දියණිය වූ ජාන්වී කපූර්ගේ විසි වැනි උපන් දිනය වෙනුවෙන්ය.
වචනයේ පරිසමාප්ත අරුතින්ම ජාන්වී සහ ශ්‍රීදේවි කල්‍යාණ මිතුරියන්ම වූහ. ජාන්වී තුරුණු සිතෙහි ශ්‍රීදේවිට නොකියූ රහස් තිබුණේද නැත. තරුණයෙක් තමා ලෙස වෙනස් විදියකට බැලුවත් ජාන්වී එය අම්මාට කීවාය.
මේ ලෝකෙට මම දැකපු හොඳම අම්මා ඔයයි. ඔයා මට විශ්වයක්, ඒ විශ්වය කොණක ඉන්න පුංචිම පුංචි තිත. ජාන්වී කපූර් කියන පිස්සු කෙල්ලය.
ඔයාට සුබ උපන් දිනයක් වේවා! අම්මා…
ශ්‍රීදේවිගේ 50 වැනි උපන් දිනය වෙනුවෙන් ජාන්වී තැබූ ට්විටර් සටහන එය විය.
ශ්‍රීදේවිගේ අකල් මරණය හමුවේ බොහෝ මානසිකව ඇදවැටුණු ජාන්වීට එම පීඩනයෙන් පැහැදිලිව ගොඩ ඒමට තවමත් නොහැකි විය. සමහරදා රාත්‍රියට අම්මා තමා වෙත පැමිණ තම හිස ඇගේ ඇකයේ තබා පිරිමදින ආකාරය ජාන්වීට දැනෙන බව ඈ තම නැඟණිය වූ කුෂී සමඟ කියා තිබුණාය.
‘ලබ්බු… ඔයා නිදිද?’
කියා අම්මා තමාගේ කනට කොඳුරා අසන බව ජාන්වී කිහිපවිටම ශ්‍රීදේවිගේ සමීපතම මිතුරියක හා පැවැසූ අතර, ඒ මොහොතේ විනාඩි ගණනක්ම ඈ ඉකි ගසමින් හැඬූ වගද ශ්‍රීගේ මිතුරිය බොනී සමඟ පවසා තිබිණ.
ශ්‍රීදේවිගේ ශෝචනීය මරණයෙන් පසු ගෙවී යන තුන් අවුරුදු මරණ සැමරුම පසුගිය දිනෙක ජාන්වී විසින් සමරා තිබුණේද හද කම්පා කරවනසුළු ‘පෝස්ටු’ කිහිපයක් තුළිනි.
‘මම ඔයාට ගොඩාක් ආදරෙයි ලබ්බු… ලෝකයේ මට මුණගැහුණු හොඳම දරුවා ඔයයි…’
ජාන්වී, තම උපන් දිනයට ශ්‍රීදේවි විසින් පසුගිය වසරක මුදා හළ ඒ හැඟීම්බර පෝස්ටුව තම ට්විටර් ගිණුමට දමා තිබිණ. ‘ලබ්බු’ යන සුරතල් නාමය ජාන්වීට දැමුවේද ශ්‍රීදේවි විසින්මය.
මේ ලෝකයෙහි මා දුටු හොඳම අම්මාද ඔබය. ඔබ මාව කියවා තිබූ ආකාරයට මටවත් තවම මාව කියැවීමට නොහැකි විය. එතරම් අපූරුවට ඔබ මාව වටහා ගත් සියුම් කලාව මෙලොව තවත් අම්මලාට තම දූවරුන් වෙනුවෙන් පිහිටන්නේ නම් මෙලොව කිසිම ගැහැනු දරුවකු ජීවිතයේ කිසිඳු දිනෙක අතරමං නොවනු ඇත.
මෙලෙස ඔබව අහිමිව යෑමට මා කළ පාපය කුමක්දැයි සෙවීමේ දිවැසක් මට ඇති නම් දැනටමත් මම එය සොයා යමි.
ඔබ දෙවියන් සමඟ කතාබහ කරන්නේ නම්, ඔබ නැති අඩුව මට නොදැනෙන විස්මිත ආශීර්වාදයක් මට දෙන්නැයි ඔවුනට කියන්න..,
හැමදාමත් ඔබට ආදරෙයි. ඉන්නා තැනක සතුටින් වසන්න.
2021 පෙබරවාරි මස 24 වැනිදා පාන්දර ජාන්වී තම ට්විටර් ගිණුමෙහි එම දුක්බර සටහන එක්කර තිබිණි. ජාන්වීට ලැදි සේම ශ්‍රීදේවිට ආදරය කරන ලක්‍ෂ සංඛ්‍යාත අනුගාමිකයන් එම පෝස්ටුව වෙනුවෙන් තම දුක්බර මතකය සනිටුහන් කොට තිබිණ. ඒ අඟහරුවාදාවේ බොනී කපූර්, කුෂී සහ ජාන්වී ශ්‍රීදේවි වෙනුවෙන් පුද පූජා පැවැත්වූයේද ශ්‍රීදේවියට අදටත් ඇලුම් කරන සුවහසක් රසික සිත් ශෝකයෙන් මුසපත් කරවමිනි.
ජාන්වී රංගනය සඳහා අවතීර්න වීමට නියමිතව සිටියේ ශ්‍රීදේවි මියයෑමට ආසන්නයේමය. රංගනය සඳහා ජාන්වීව හුරු කළ හොඳම ගුරුතුමිය වූයේ ශ්‍රීදේවිය.
‘මට කවදාකවත් ශ්‍රීදේවි වීමට නම් හීන හතකින්වත් බැරි වේවි..,’
ජාන්වී දිනෙක ශ්‍රීදේවිට කියා තිබිණි.
ලබ්බු… ඔබ ශ්‍රීදේවි විය යුතු නැහැ… එසේ වීමට උත්සාහ ගන්නටද එපා… ඔබ ජාන්වී කපූර් වන්න, ‘ජාන්වී’ ලෙස රසිකයන් අතර එක් මතකයක් හෝ තබන්න. ශ්‍රීදේවිගේ දියණිය ලෙස ගමනක් යනවාට වඩා එය වටින්නේය.’
ශ්‍රීදේවි ජාන්වීට කියා තිබුණේ ඉමහත් සෙනෙහසින්ය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සිංගර් වෙතින් නවතම Sony උපාංග පෙළක්

Next Post

කැපුණු නා ගසකින් ලේ ගලපු රහස මොකක්ද?

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.