CBL සමපෝෂ අඛණ්ඩව එකොළොස් වැනි වසරටත් 14න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලියට අනුග්‍රහය ලබා දෙමින් පාසල් පාපන්දු ක්‍රීඩාව බලගන්වයි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) සහ ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය එක්ව මෙම පාපන්දු ශූරතාවලිය සංවිධානය කරනු ලබයි. ඒ අනුව “සමපෝෂ 14න් පහළ අන්තර් පාසල් පාපන්දු ශූරතාව 2019” තරගාවලිය 2020 ජනවාරි 13දා සිට ආරම්භ විය. මෙවර සමපෝෂ ශූරතා තරගාවලිය පසුගිය දශකය පුරාවට ලබා ඇති කීර්තිමත් ප්‍රතිචාරවල ප්‍රතිඵල විදහා දක්වමින් සිසුන් 12,000කට අධික සංඛ්‍යාවක සහභාගිත්වයෙන් පැවැත්වේ. දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි තරගාවලිය සඳහා සත්කාරකත්වය සමපෝෂ ලබා දෙන අතර දිවයින පුරා පිහිටි තරග පැවැත්වෙන ස්ථාන 32ක දී පිරිමි කණ්ඩායම් 470ක් හා බාලිකා කණ්ඩායම් 130ක් සහභාගි වේ.











