පසුගියදා පැවැති ජාතික තත්ත්ව සම්මාන උළෙලේ කාර්ය සාධන විශිෂ්ටත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මහා පරිමාණ සේවා කාණ්ඩය යටතේ ප්‍රශංසා සහතිකය හිමිකරගන්නා ලදී.
මෙම සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් 2019 අගෝස්තු මස 21 වැනි දින නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සංවිධානය කරන ලද මෙම ජාතික තත්ත්ව සම්මාන වාර්ෂික සම්මාන උළෙල කාර්ය සාධනය සහ විශිෂ්ටත්වය ළඟාකරගත් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ආයතන ඇගයීම සඳහා පවත්වනු ලබන අතර මෙසේ කාර්ය සාධන විශිෂ්ටත්වය සඳහා සහතික හිමිකර ගැනීමේ ගෞරවය ලබාගත් පළමු සහ එකම රක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘Malcolm Baldrige’ ජාතික තත්ත්ව සම්මාන සඳහා භාවිත කරන ජාත්‍යන්තරව පිළිගත් නිර්ණායක මත පදනම්ව නිර්ණායක හතක් ඇගයීමෙන් පසු අයැදුම්කරුවන්ට ජාතික තත්ත්ව සම්මාන ප්‍රදානය කෙරේ. ඇගයීමේ නිර්ණායක අතර නායකත්වය, උපායමාර්ග, පාරිභෝගික අවධානය, මිනුම්, විශ්ලේෂණය සහ දැනුම, කළමනාකරණය, ශ්‍රම බළකායේ අවධානය, මෙහෙයුම් අවධානය සහ අයැදුම් කරන සංවිධානයේ ප්‍රතිඵල ඇතුළත් වේ.
දශක 5කට වැඩි කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පවත්වාගෙන යනු ලබන ගුණාත්මක ප්‍රමිතීන් ඉහළ නැංවීමේ ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකාවෙි රක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටිමින් පාරිභෝගිකයන්ට ඉහළ සේවාවන් ලබාදීමේ මෙහෙවරක යෙදී සිටින බවත් මෙම සම්මානය අවධාරණය කරයි.