• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

රාහුගේ නැකැතින් උපන්නෝ

September 18, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

නැකැත් 27කින් යුත් නැකැත් පන්තියේ රාහු නම් ඡායා ග්‍රහයාට හිමි නැකැත් 3ක් පවතී. ඒ අද, සා, සියාවස යන නැකැත් 3යි. මුළු නැකැත්වල ප්‍රමාණය අංශක 360ක් වන අතර, එක නැකැතක් 13ක් වෙයි. සෑම නැකැතක්ම පාද 4කින් යුක්ත වන අතර එම නැකැත් පාදයක ප්‍රමාණය අංශක 3, 20ක්ද වෙයි. නැකැත් පන්තියේ 6 වැනි නැකැත වන “අද” නැකැත මැණික් ගලක ස්වරූපයක් ගනී. මෙය මිථුන රාශියේ අංශක 6, 40 සිට 20, 00 දක්වා ව්‍යාප්තව පවතී. ජන්ම පත්‍රය තුළ මෙම නැකැතේ සිටින සියලුම ග්‍රහයෝ නැකැත් අධිපති වන රාහුගේ පාලනයට මෙන්ම රාශි අධිපතියා වන බුධ ග්‍රහයාගේ පාලනයට යටත් වෙයි. අද නැකැතට හිමි ශරීර අවයව ලෙස උරහිස, අත් මෙන්ම බෙල්ලද සඳහන් කළ හැකිය.

සියලුම නැකැත් කාමය, රාස්ස හා සාත්වික ලෙස ගුණ 3කට බෙදා වෙන් කරයි. ඒ අනුව අද නැකැත කාමය ගුණයෙන් යුත් නැකැතකි. අද නැකැතට අහසේ හිමි වන්නේ එක් තරුවකි. එම තරුව අද නැකැතම වෙයි. ස්ථිර ක්‍ෂිප්‍ර, සාධාරණ, චර, මෘදු, උග්‍ර තීක්ෂණ යන කොටස් 7 අතරින් අද නැකැත තීක්ෂණ කොටසට අයත් වෙයි. අද නැකැත රාහුට අයත් නැකැතක් බැවින් දශා කාලය වසර 18කි. අද නැකැත් හිමියාට හිමි පොදු පලාපල පහත පරිදි වුවද අදාළ ජන්මියාගේ ජන්ම පත්‍රය තුළ බුධ ග්‍රහයාගේ බල දුබලතාව මත එම පලාපල ප්‍රතිඵලදීම අඩු වැඩි වන බවද තරයේ මතක තබාගත යුතුය.

“අද” නැකැතින් උපන් පුද්ගලයා කපටි, බුද්ධියෙන් යුතු පව් කිරීමට බිය නැති, උද්දච්ච අයෙකි. නමුත් මොවුන් ලොකු දියුණුවක් නොදක්වයි. තම පවුලේ අයට ආදරය, කරුණාව දක්වන මොවුන් නිතර කෝපාවිෂ්ට වෙයි. කරුණාවන්ත හිතක් මොවුන් තුළ නොවේ. විශ්වාස කළ නොහැකි අයෙකි. නිතර බොරු කියයි. මොවුන් තුළ අනාවැකි, පේන ආදිය කීමේ සුවිශේෂී දස්කමක් පවතී.

“අද” නැකැතට හිමි පාද 4ක් පළමු පාදයේ උපදින පුද්ගලයා තුළ ඉහත සඳහන් පොදු පලාපල අඩු වැඩි වශයෙන් පවතින අතර, මොවුන් බුද්ධිමත්භාවයෙන් වැඩිය. මොවුන් කරන කියන කටයුතු ආදියෙන් ජනප්‍රියභාවයට පත් වෙයි. නරක ගති අඩු වී ධාර්මිකකමක්ද මොවුන් තුළින් පිළිබිඹු වෙයි.

අද නැකැතේ දෙවැනි පාදයෙහි උපන් ජන්මියා තමා සිටින ප්‍රදේශයේ මෙන්ම තමන් නියැළෙන ක්‍ෂේත්‍රයේද ප්‍රසිද්ධියට පත්වෙයි. ඉවසීමේ ගුණයෙන් යුත් මොවුන් තරමක් දුරට හෝ ධනවත්භාවයක් පෙන්වයි.
අද නැකැතේ තුන්වැනි පාදයෙන් උපන් ජන්මියා ඉගෙනීමට දක්‍ෂ වනවාත් සමඟම බාහිර ක්‍රියාකාරකම්වලටද දක්‍ෂය. නිර්භීත පුද්ගලයෙකි. වාණිජ කටයුතු සඳහාද දක්‍ෂය.

“අද” නැකැතේ 4 වැනි පාදයෙන් උපන් ජන්මියා තමා සිටින ක්‍ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත්වන අතර, අනුන් කෙරෙහි යම් තරමකින් හෝ දයානුකම්පා සහිත හිතක්ද ඇත. තමන් සතු දේ දීමටද කැමැතිය.
නැකැත් 27න් යුත් නැකැත් පන්තියේ සෑම නැකැතකටම අධිපති දේවතාවන් සිටී. ඒ අනුව අද නැකැතට ශිව දේවතාවන් අධිපතීත්වය දරයි. අද නැකැත් හිමියෝ ශිව දෙවියන් පිදීම තුළින් බොහෝ යහපත උදාකර ගතහැකි බව පූර්වාචාරීන්ගේ මතයයි.

නැකැත් පන්තියේ 15 වැනි නැකැත වන සා නැකැතද රාහු නම් ඡායා ග්‍රහයාට අයත් වෙයි. පබළු ඇටයක ස්වරූපයෙන් යුත් මෙම නැකැත සිකුරු ග්‍රහයා අධිපතීත්වය දරන තුලා රාශියේ අංශක 6, 40 සිට අංශක 20, 00 දක්වා ව්‍යාප්තව පවතී. මෙම නැකැතේ සිටින සියලුම ග්‍රහයන් නැකැත් අධිපති වන රාහු ග්‍රහයාගේ සහ රාශි අධිපති වන සිකුරු ග්‍රහයාගේ පාලනයට නතු වෙයි. මෙම නැකැතට ශරීර අවයව ගණනාවක් හිමි වෙයි. ඒ අතර වකුගඩු, මුත්‍රා මාර්ගය, මුත්‍රාශය ආදිය ප්‍රධානය.

“සා” නැකැතද කාමය ගුණයෙන් යුත් නැකැතක් වන අතර චර කොටසට වැටේ. අද නැකැතට මෙන්ම “සා” නැකැතටද අහසේ ඇත්තේ ඒත් දීප්තිමත් තරුවක් පමණි. එම තරුව “සා” නැකැතම බව දත යුතුය. “සා” නැකැතේ දශා කාලය රාහුට හිමි දශා කාලය වන වසර 18යි.

“සා” නැකැතින් උපන් පුද්ගලයාගේ පොදු පලාපල සැලකීමේදී මොවුන් නිතර සතුටින් සිටීමට ප්‍රිය කරන, රාජ්‍ය ගෞරව සම්මාන ලබන ජනප්‍රිය වන චරිතයකි. නමුත් මොවුන් විරුද්ධ ලිංගිකයන්ට ළොල් වෙයි. දෙවියන්, බුදුන් විශ්වාස කරන මොවුන් යුක්තිගරුක, නිතර ප්‍රිය වචන කතා කරන, දැනුම් සම්භාරයකින් යුත්, වාණිජ කටයුතුවලට දක්‍ෂ, උගත්කමින් යුත්, වේදයෙහි දක්‍ෂ අයෙකි. මොවුන්ගේ විශේෂත්වය වනුයේ රාජකාරිය දේවකාරිය සේ සැලකීමයි. නමුත් මෙම පලාපල ජන්ම පත්‍රයේ සිකුරු ග්‍රහයාගේ බල දුබලතාව මත අඩු වැඩි වන බවද සිත තබාගත යුතුයි.
සියලුම නැකැත්වලට මෙන්ම “සා” නැකැතටද පාද 4ක් ඇත. “සා” නැකැතේ පළමු පාදයෙන් උපන් තැනැත්තා ආගම දහමට ළැදි අයෙකි. මොවුන්ට ක්‍ෂණික දියුණුවක් නැති වුවද ක්‍රමක්‍රමයෙන් දියුණුවීම මොවුන්ගේ සිරිතයි. නමුත් තමන් නියැළෙන ක්‍ෂේත්‍රයේ කැපීපෙනෙන චරිත වෙයි.

“සා” නැකැතේ දෙවැනි පාදයෙන් උපන්නවුන් විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණය වැඩිය. ධනවත් භාවයෙන් යුක්තය. ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය ඇති අයෙකි.

“සා” නැකැතේ තුන්වැනි පාදයෙන් උපන් තැනැත්තා දැනුම රැස්කිරීමේ ආශාවක් ඇති නිතර පොතපත පරිශීලනය කරන අය වෙයි. මොවුන් දරදඬු පුද්ගලයන්ය.

“සා” නැකැතේ 4 වැනි පාදයෙන් උපන්නවුන් තමන් සිටින ප්‍රදේශයේ මෙන්ම තමන් නියැළෙන වෘත්තියේද ප්‍රසිද්ධියට පත්වෙයි. වාණිජ අංශයට ඉතා දක්‍ෂය. ව්‍යාපාර ආදියෙන් දියුණු වෙයි.

“සා” නැකැතටද අධිපති දේවතාවෙක් සිටී. ඒ වායු නම් දේවතාවාය. මෙම වායු දේවතාවන්ට පුද පූජා පැවැත්වීම තුළින් “සා” නැකැත් හිමියන්ට බොහෝ වරප්‍රසාද ලබාගත හැකිවනු ඇත.

රාහුට හිමි අවසාන නැකැත වන “සියාවස” නැකැත ගැන අවධානය යොමු කරමු. “සියාවස” නැකැත නැකැත් පන්තියේ 24 වැනි නැකැතයි. වටයක් බඳු ස්වරූපයකින් යුක්තය. මෙම නැකැත ශනි ග්‍රහයා අධිපතීත්වය දරන කුම්භ රාශියේ අංශක 6, 40 සිට අංශක 20, 00 දක්වා ව්‍යාප්තව පවතී. ජන්ම පත්‍රයේ සියාවස නැකැතේ සිටින ග්‍රහයන්, නැකැත් අධිපති වන රාහුගේ මෙන්ම රාශි අධිපති වන ශනිගේ පාලනයට යටත් වෙයි. මෙම නැකැතට අයත් ශරීර අවයව වනුයේ බත්කෙණ්ඩ, වලළුකර හා නාභියයි.

ජ්‍යොතිෂවේදිනී මංජුලා පුෂ්පරාංගනී

SendShareShare
Previous Post

ලංකාවම කතා කරපු කවුද මේ බෝරාවරු

Next Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහතික ලබයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.