ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් තාක්ෂණික නිලධාරීන් හට මෝටර් බයිසිකල් ලබාදීම 2020 ජනවාරි 17 වැනි දින ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදී සිදු කරන ලද අතර මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ජගත් වැල්ලවත්ත මහතා, ප්‍රධාන විධායක නිලධාරි චන්දන එල්. අලුත්ගම මහතා සහ ආයතනයේ ඉහළ කළමනාකාරිත්වය සහභාගි විය.
ශ්‍රී ලංකාවේ මෝටර් රථ රක්ෂණ වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස සේවාව සපයන ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් තාක්ෂණික නිලධාරි ජාලයට හිමිකම් කියන අතර රට පුරා ප්‍රදේශවලට අනියුක්තව සේවය කරමින් පාරිභෝගිකයන්ට පුළුල් ආවරණයක් සැපයීම සිදුකරයි.











