ලංකා බැංකු කාර්ය මණ්ඩලය 2019 අගෝස්තු 10 වැනි දින දීපව්‍යාප්ත පා ගමනක් සංවිධාන කර 80 වසරක දිගු ගමන සමරන ලදී. එක් එක් පළාතෙහි සේවයේ නියුතු ලංකා බැංකු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ සහභාගිත්වයෙන් එක් එක් පළාතෙහි තෝරාගත් ස්ථානවල “BOC Walk” පවත්වන ලදී. මෙම වසර 80 පුරාවට දැයට විශිෂ්ට සේවාවක් සලසමින් ලංකා බැංකුව ගත් ගමන් මග සිහිපත් කරවන පාගමනක් ලෙස එය සැලකේ. කණ්ඩායම් හැඟීම ප්‍රදර්ශනය කරමින් සෑම පළාතකම තෝරාගන්නා ලද මාර්ගයෙහි ලංකා බැංකුවේ විශේෂ සංවත්සර සැමරුම් ටී ෂර්ට්වලින් සැරසී දහස් ගණනින් කාර්ය මණ්ඩල සාමාජිකයෝ මෙම පාගමනට සහභාගි වූහ. මෙම පාගමනෙහි පෙරමුණෙහි තෝරාගත් පාසල්වල බටහිර තූර්යවාදක කණ්ඩායම්ද ඉන් අනතුරුව ආයතනික හා විධායක කළමනාකාරිත්වයද ඔවුන් පෙරටු කොටගත් කාර්ය මණ්ඩල සාමාජිකයන්ද ගමන් කළහ. මෙම පා ගමනෙහි උද්යෝගය වැඩි කරමින් බැංකුවේ ,Bank on wheels” ජංගම රථය, සැරසිලි සහිත වෙනත් වාහන සමග සංගීත කණ්ඩායම්ද ඊට එක් වීය. බැංකුවේ මහා කළමනාකරු/ප්‍රධාන විධායක නිලධාරි සෙනරත් බණ්ඩාර මහතා මහරගමින් ආරම්භ කර නුගේගොඩ දක්වා ගමන් කළ බස්නාහිර පළාත, දකුණු කණ්ඩායමට එක් වී සිටියේය. නියෝජ්‍ය මහා කළමනාකරු (විකුණුම් සහ හැසිරවුම්) අමරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ මෙම පා ගමන සහ ඊට අදාළ සැමරුම් සියලු පළාත් නියෝජනය වන පරිදි සංවිධාන කරන ලදී.