ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගම්පහ ශාඛාව නව නිවහනකදී පසුගියදා විවෘත කරන ලදී.
මෙසේ විවෘත කරන ලද ගම්පහ ශාඛාව අංක 116, බෞද්ධාලෝක මාවත, ගම්පහ යන ස්ථානයේ පිහිටා තිබෙන අතර ගම්පහ අවට ප්‍රදේශවල පාරිභෝගිකයන්ට සියලු රක්ෂණ අවශ්‍යතා එකම වහලක් යටදී සම්පූර්ණ කරගැනීමේ හැකියාව සලසාදී තිබේ.
කීර්තිමත් වෘත්තිකයකු වන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ජගත් වැල්ලවත්ත මහතා සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අධ්‍යක්ෂ අනිල් කුමාර මීගහගේ මහතා සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය, සේවක මණ්ඩලය හා පාරිභෝගික මහත්ම මහත්මීන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.











