ඇමෙරිකා එක්සත් ජනපදයෙහි ප්‍රකාශයට පත් කරන ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව 26 වැනි වරටත් පැවැත්වූ වාර්ෂික හොඳම බැංකු සම්මාන ප්‍රදානෝත්සවයේදී 2019 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙසින් කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර මෙයට අදාළ සම්මානය වොෂින්ටනයේ පිහිටි ‘නැෂනල් ප්‍රෙස් ක්ලබ්’ හිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීමට සමගාමීව පැවති සම්මාන ප්‍රදානෝත්සවයේදී පසුගියදා ප්‍රදානය කෙරුණි.
අප්‍රිකාව, ආසියා-පැසිෆික් කලාපය, මධ්‍යම සහ නැඟෙනහිර යුරෝපය, ලතින් ඇමෙරිකාව, මැදපෙරදිග, උතුරු ඇමෙරිකාව, බටහිර යුරෝපය ඇතුළු රටවල් නියෝජනය කරමින් මෙහි ජයග්‍රාහකයන් තේරී පත්වූ අතර කොමර්ෂල් බැංකුව මෙම සම්මානය ග්ලෝබල් ෆයිනෑන්ස් වෙතින් දිනාගත්තේ 19 වැනි වරට වීම මෙහිදී කැපී පෙනේ.