මෙවර ජනාධිපතිවරණ ප්‍රතිපලවලට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර ඇති බව නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි.
විශ්වාසකටයුතු ආරංචි මාර්ග තහවුරු කර සිටින්නේ 52%ත් 54%ත් අතර ප්‍රතිශතයකින් ඒ මහතා ජයගෙන ඇති බවකි.
ඉකුත් වතාවේ හංසයා ලකුණ ජයග්‍රහණය කළ කොළඹ, නුවර, ගම්පහ, පුත්තලම, පොලොන්නරුව වැනි දිස්ත්‍රික්ක පවා මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජයග්‍රහණය කර ඇති බව පැවසේ.
කෙසේවෙතත් උතුරු නැගෙනහිරි දිස්ත්‍රික්ක සජිත් ප්‍රේමදාස මහතා විශාල ප්‍රතිශතයකින් ජයග්‍රහණය කර තිබුණද එය අවසන් ප්‍රතිපලය වෙනස් කිරීමට සමත්ව නොමැත.










