විදේශ මුදල් හුවමාරු සහ ගෙවීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකුවන වෙස්ටර්න් යුනියන් සමාගම හා අත්වැල් බැඳගනිමින්, ලොවපුරා සිය ආදරණීයයන් සමග සම්බන්ධ වීමේ අවස්ථාව සියලු ශ්‍රී ලාංකික ජනතාව වෙත හිමිකර දීමට දැන් සෙලාන් බැංකුව කටයුතු සලසා දී ඇත. මෙමගින් දිවයින පුරා විසිරී ඇති 172 කට අධික සියලුම සෙලාන් බැංකු ශාඛා තුළින් ඔබේ විදේශ මුදල් ප්‍රේෂණය ලබාගැනීමට හැකියාව සලසා දී ඇත.
විදේශ මුදල් හුවමාරුවේදී වෙස්ටර්න් යුනියන් සමාගම සතු සුවිශේෂී හැකියාව නිසා ලොවපුරා බැංකු සමඟ ගනුදෙනු නොකරන සහ අඩු බැංකුකරණ පහසුකම් සහිත මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් එම සේවාවන් සැපයීමට හැකිවී ඇත. පුළුල් ශාඛා ජාලයක් හරහා වෙස්ටර්න් යුනියන් සමාගම තම ගනුදෙනුකරුවන් හට අසමසම සේවා පහසුවක් පිරිනමනු ලබයි. Agent Locator Link හරහා තම ගනුදෙනුකරුවන් හට ළඟම පිහිටි සේවා පරිශ්‍රය පිළිබඳ තොරතුරු ලබාගැනීමට සලසා ඇති බැවින් ඕනෑම සෙලාන් බැංකු ශාඛාවක් මගින් තම ප්‍රේෂණ මුදල් ලබාගැනීමේ අවස්ථාව සලසා දී ඇත.
“ලොව පුරා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් සැබෑ ගෝලීය සහ පරිපූර්ණ දැක්මකින් යුතුව කටයුතු කිරීමට වෙස්ටර්න් යුනියන් සමාගම කටයුතු කරනවා. තම මුදල් ලබා ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ට ඇති මධ්‍යස්ථාන තවදුරටත් වැඩි කිරීමට සෙලාන් බැංකුව සමඟ අත්වැල් බැඳගැනීම හරහා අපට හැකිවේ. ලොව පුරා රටවල් සහ ප්‍රදේශ 200කට අධික සංඛ්‍යාවක සිටින සිය ආදරණීයයන් සමඟ සම්බන්ධ වීම සඳහා ගනුදෙනුකරුවන් හට පහසුකම් සැලසීමේ අපගේ දැක්ම හේතුවෙන් ඉහළ ප්‍රමිතියෙන් යුතු සේවාවක් ලබාදීමට අපට හැකි වී තිබේ,” යනුවෙන් වෙස්ටර්න් යුනියන් සමාගමේ මැදපෙරදිග සහ ආසියා පැසිෆික් කලාපයේ ජාල ප්‍රධානී සෝහිනී රජෝලා මහත්මිය සඳහන් කළාය.











