ටෝකියෝ සිමෙන්ති සමාගම සහ ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉන්ජිනේරු සංගමය (Society of Structural Engineers of Sri Lanka) අතර පවතින ආයතනික සහයෝගිතාවය 2019 වසරේදී වඩාත් සවිමත් කරවීමට හැකිව තිබේ. ව්‍යුහාත්මක සහ සිවිල් ඉන්ජිනේරු ක්ෂේත්රවල විෂයානුබද්ධ සියලු අංශ නියෝජනය කරන වෘත්තීයවේදීන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් පවත්වමින්, ඉදිකිරීම් කර්මාන්තයේ වෘත්තීයමය හා සේවා විශේෂඥතාව දියුණු කිරීම සඳහා සංගමය විසින් ඉටුකරන විශේෂ කාර්යභාරයට වසර ගණනාවක් පුරා ටෝකියෝ සිමෙන්ති සමාගම අත්වැල සපයයි.
ටෝකියෝ සිමෙන්ති සමාගමේ අනුග්‍රහය ඇතිව පවත්වන ලද මාසික “Question Time” සම්මන්ත්රණ මාලාවට මින් ප්‍රධාන ස්ථානයක් හිමිවිය. 2019 පැවති මෙම සම්මන්ත්රණ හතරකට සිය දායකත්වය සපයමින්, ඉදිකිරීම් ක්ෂේත්රයේ වැඩියෙන්ම කතාබහට ලක්වන මාතෘකා රැසක් පිළිබඳ විද්වත් කතිකාවක් ඇතිකිරීමට ටෝකියෝ සිමෙන්ති සමූහයට හැකිවිය.











