ප්‍රංශ සමාගමකින් ගුවන් යානා මිලදී ගැනීමේදී ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත් බව කියන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිය වන ප්‍රියංකා නයෝමාලී විජේනායක මහත්මිය රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ, අද (06) උදෑසන ඔවුන් දෙදෙනා නීතීඥවරයකු මාර්ගයෙන් රහස් පොලිසියට බාර වූ අවස්ථාවේදීය.
කෙසේවෙතත් ඊයේ (05) දිනයේදී ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිය දැනටමත් රටින් පිටවී ඇති බවකි.
අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද සදහන් කර තිබුණේ මෙම යුවල දැනටමත් රටින් බැහැරව ඇති බව තමන්ටද දැනගන්නට ලැබී ඇති බවකි.










