ශ්‍රී ලාංකීය ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරන මෙරට විශාලතම කුකුළු මස් නිෂ්පාදන සමාගම වන ක්‍රිස්බ්‍රෝ, මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ කර්මාන්ත සංවර්ධන සහ ව්‍යවසාය ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ 2020 ව්‍යවසාය විශිෂ්ටත්ව තරු සම්මාන උළෙලේදී ඇගයුමට ලක් විය. මෙහිදී මධ්‍යම පළාතේ මහා පරිමාණ නිෂ්පාදන කාණ්ඩයේ විශිෂ්ටතම සමාගමට හිමි තරු සම්මානය ක්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ෆාම්ස් ප්‍රයඩ් පුද්ගලික සමාගම හිමිකර ගත් අතර මිඩ්ලන්ඩ් බී්‍රඩර්ස් පුද්ගලික සමාගම මෙම කාණ්ඩයේ කුසලතා සහතිකයෙන් පිදුම් ලැබීය.
කර්මාන්ත සංවර්ධන සහ ව්‍යවසාය ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ 2020 ව්‍යවසාය විශිෂ්ටත්ව තරු සම්මාන පෙබරවාරි 12වන දින මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩි හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවති අතර මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා සහභාගි විය.











