සිංහරාජ වන විනාශය පිළිබදව සිරස ලක්ෂපති වැඩසටහනට පැමිණ රටට හෙළිදරව් කළ භාග්‍ය දියණිය පසුපස විවිධ පිරිස් මේ වනවිට පන්නමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
මේ වනවිට එම සිසුවිය ඉලක්ක කර සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රහාර එල්ලවෙමින් පවතින බවත්, ආණ්ඩුවේ කිළිටි රෙදි සෝදන කුලී කම්කරුවන් මේ පසුපස සිටින බවත් විද්‍යාරත්න මහතා පෙන්වා දෙයි.










