ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් (පෞද්.) සමාගම දශක 02ක් පුරාව ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත් ලින්ක් කේශා හිසතෙල් නිෂ්පාදන පෙළ නූතන කාන්තාවන්ගේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි නව මුහුණුවරකින් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට පසුගියදා කටයුතු කළේය. එමෙන්ම නොඇලෙනසුළු, සැහැල්ලු (ඝනත්වයෙන් අඩු) නව නිෂ්පාදනයක් වන ‘කේශා ලයිට්’ එළිදැක්වීමද මෙහිදී සිදුකෙරිණි.
ආයුර්වේදයේ පාරම්පරික ඥානය සහ නවීන තාක්ෂණය පදනම්ව ස්වභාවික ශාක ඖෂධ 08ක සාරය සමඟ පොල් තෙල් සහ ස්වභාවික විටමින් E, සුසංයෝග කරමින් නිපදවන කේශා නිෂ්පාදන හිසකෙස්වලට සහ හිස්කබලට බාහිරින් මෙන්ම අභ්‍යන්තරයෙන්ද පෝෂණය ලබාදෙයි.
ලින්ක් කේශා දිනපතා භාවිත කිරීමෙන් අකලට හිසකෙස් ගැලවී යාම හා හිසකෙස් පැසීම, ඉස්හොරි ඇතිවීම සහ හිසකෙස් අග පැලීම වැනි ගැටලු පාලනය කිරීමේ හැකියාව ඇත. එමෙන්ම දිගුකාලීනව භාවිත කිරීමේදී හිසේ කැක්කුම් අවම කිරීමට මෙන්ම ඇස් පෙනීම වැඩිදියුණු කිරීමටද ලින්ක් කේශාවලට හැකියාව ඇත. එය වර්තමාන කාන්තාවන්ට ශක්තිමත්, නිරෝගී, දිදුලන පිරිපුන් කෙස් කළඹක් ලබාදීමට සමත් නිෂ්පාදනයකි.
මේ පිළිබඳ අදහස් දක්වමින් ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් සමාගමේ Personal care අලෙවි අංශ කළමනාකාරිණී අන්‍යා දල්පදාදු මහත්මිය මෙසේ පැවසුවාය. “කේශා ශාකෞෂධ හිසතෙල් සඳහා අප භාවිත කරන්නේ නිසි ප්‍රමිතියෙන්, නිසි ආකාරයට තෝරාගත් ස්වභාවික අමුද්‍රව්‍ය පමණයි. තවද අප මෙම නිෂ්පාදන ආයුර්වේදයේ දැනුම සහ නවීන තාක්ෂණය භාවිත කරමින් උසස්ම නිෂ්පාදන ක්‍රමවේදය උදෙසා වු GMP සහතිකය, ISO 9001 සහ ISO 14001 වැනි අන්තර්ජාතික ප්‍රමිති සහතිකවලින් පිදුම් ලැබු නවීන කර්මාන්ත ශාලාවක නිපදවනවා. මේ නව හඳුන්වාදීම් සමඟින් සුපුරුදු විශිෂ්ටත්වය සහ නවීනත්වය එකට මුසු කරමින් දිගින් දිගටම අපගේ පාරිභෝගිකයන්ට විශිෂ්ටතම නිෂ්පාදන ලබාදීම අපගේ ඉලක්කයයි.”