විශ්‍රාම යාම සදහා තවත් හරියටම මාසයක කාලයක් පමණක් ඉතිරිව තිබියදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රැදී සිටින පැජට් පාරේ පිහිටි සුපිරි ජනපති නිල නිවෙස කැබිනට් පත්‍රිකාවක් මගින් ඒ මහතාටම පවරා දීමට කැබිනට් මණ්ඩලය කටයුතු කර ඇත.
ඊයේ (15) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට මෙම අමාත්‍ය මණ්ඩල සන්දේශය ඉදිරිපත් කර ඇත්තේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනි.
ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයකු නිල කාලයේ සිටියදී මේ ආකාරයට තමන් රැදී සිටින නිල නිවෙස විශ්‍රාම යාමෙන් පසු රැදී සිටීමට පවරා ගෙන නොමැති අතර මහින්ද රාජපක්ෂ මහතාත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියත් විශ්‍රාම යාමෙන් පසු තමන්ට නිල වශයෙන් හිමි නිවෙස ලබා ගැනීම සදහා මාස කිහිපයක කාලයක් බලා සිටීමට සිදුව තිබිණ.
මීට අමතරව ජනාධිපතිවරයා විශ්‍රාම යාමෙන් පසු විශේෂ ආරක්ෂක බළකායේ සෙබළුන්ගේ ආරක්ෂාවද කැබිනට් පත්‍රිකාව මගින්ම සම්මත කර දීමටද ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇත.
මෛත්‍රිපාල සිරිසේන මහතා රැදී සිටින පැජට් පාරේ පිහිටි සුපිරි නිල නිවෙස නිවාස 3ක් එක්කොට සකස් කරන ලද අධිසුඛෝපභෝගී නිල නිවෙසකි.










