• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තිරයෙන් පිටුපස අමුතු වැඩ ගැන නිළියො කියන කතා

October 16, 2019
in Heart
Reading Time: 2 mins read
A A
තිරයෙන් පිටුපස අමුතු වැඩ ගැන නිළියො කියන කතා
Share on WhatsAppShare on Facebook

කලා ලෝකයේ තරුවක් වෙන්න හැම කෙනකුටම බැහැ. ඒ වාසනාව හිමිවෙන්නෙ සීමිත පිරිසකට විතරයි. එහෙම තරුවක් වෙලා කලා ලෝකයේ බැබලෙන බොහෝ දෙනෙක් ඒ තැනට එන්න කළ කැපකිරීම් අසීමිතයි. හැබැයි ඒ තරම් කැපකිරීම් කරලා ආපු ඇතැම් ශිල්පිනියන්ට නිර්මාණකරණයේ නිරත වෙද්දි විවිධාකාර අයුතු බලපෑම්වලට යටත් වන්නට සිදුවෙනවා යැයි කියන එකත් කනින් කොණින් ඇහෙන දෙයක්. ඇත්තටම එහෙම වෙනවද කියලා අපි කිහිප දෙනකුගෙන් අහලා බැලුවා.

සීමාව පැන්නොත් ගොදුරක් වෙනවා
අපි මුලින්ම කතා කළේ ශාලිකා එදිරිසිංහට. ඇය තවමත් පුංචි තිරයේ අහිංසකාවිය. ඒ තරමට ඇය ප්‍රේක්ෂකයන්ගේ හදවත්වලට ළංවුණු ජනප්‍රිය කලා ශිල්පිනියක්. ඉතින් ඇයගේ රංග කුසලතා මේ දවස්වල ‘සේපාලිකා’ගේ චරිතය හරහා ඔබට දැකගන්න ලැබෙන්නේ ‘ජීවිතය ඇතිතුරා’ ටෙලිනාට්‍යයෙන්.
කලාකරුවකු වෙනවා කියන්නේ උතුම් දෙයක්. එය හැමෝටම ලබන්න බැහැ. ජනප්‍රියතාවය කියන්නේ මිනිසුන්ගේ ආදරය මත ලැබුණු දෙයක්. නිකරුණේ යන්නම් වාලේ ගියොත් ඒ ජීවිතය විනාශ වෙනවා. ඉතින් තමන් හරියට හිටියොත් තමන්ගේ පවුල් පසුබිම ගැන හිතුවොත් තමාට තමා වටින බව හිතුවොත් කාවටත් බැහැ ජීවිතයට රිංගන්න. හැදෙන කෙනා කොහෙ හිටියත් හැදෙනවා. නැති කෙනා කොහෙ හිටියත් විනාශ වෙනවා. රඟපෑමයි, පෞද්ගලික ජීවිතයයි දෙක පටලගත්තොත් තමයි මෙවැනි ප්‍රශ්න මතුවෙන්නේ. ආදර්ශමත් චරිතයක් වෙලා තව කෙනෙක්ගේ සිතක් පිනවීම මොන තරම් පිනක්ද. ඒත් ඒ ජනප්‍රියතාවය සීමාව ඉක්මවා ගියාම තමයි ඔබ ඔය කියන ගොදුරට හසුවෙන්නේ. තමන් ආපු ගමන හරියට තේරුම්ගෙන හරි ගමනක් හරි විදියට ගියොත් කවදාවත් වරදින්නේ නැහැ. මේ ක්ෂේත්‍රය නෙමේ වෙන කුමන ක්ෂේත්‍රයක් වුණත් මෙයට පොදුයි.

මටත් විවිධ යෝජනා ආවා
ඉමායා ලියනගේ මේ ක්ෂේත්‍රයට ඇවිත් ලොකු කාලයක් නැහැ. ඇය 2014 වර්ෂයේ ‘මිස් ශ්‍රී ලංකා’ කිරුළත් එක්ක තමයි කලාවට යොමුවන්නේ.
මම නිරූපිකාවක් විදියට තමයි මේ ක්ෂේත්‍රයේ වැඩ කළේ. මම ලබපු ජයග්‍රහණයත් එක්ක මට නිර්මාණ කිහිපයකින් ආරාධනා ආවා. හොඳ නිර්මාණ තෝරා බේරාගෙන කිහිපයක වැඩ කළා. හැබැයි මගේ කිසිම කැමැත්තක් නැහැ නිතර දෙවේලේ මගේ රූපය රූපවාහිනියේ දකින්න. මේ ක්ෂේත්‍රයට පැමිණෙන ගොඩක් නවක පරිස ඕනෑම දෙයකට මුහුණදෙන්න සූදානම් ජනප්‍රිය කිරුළ වෙනුවෙන්. ඇයි තමන් නිකරුණේ ගිහින් විනාශ වෙන්නේ. මම මේ ක්ෂේත්‍රයේ හැම පැත්තකින්ම වැඩ කළා. ඒත් මගේ නමට කැළලක් ඇතිවෙන්න මම වැඩ කළේ නැහැ. මට වුණත් විවිධ යෝජනා ආවා. මම ඒවාට මුහුණදුන්නේ කාගේවත් හිත් නොරිදෙන විදිහට. තමන් මේ ක්ෂේත්‍රයේ හරියට හිටියොත් වට්ටන්න බැහැ කාටවත්. මට කාගෙවත් පෞද්ගලික දේවල් අදාළ නැහැ. හැබැයි මම හදාගත්තු දේවල් කිසිම බලපෑමක් මත විනාශ කරගන්නේ නැහැ. මොන බාධා ප්‍රශ්න ආවත් මම මේ ගමන ලස්සනට යනවා.

මටත් විවිධ ප්‍රශ්න ආවා
සිනමා ක්ෂේත්‍රයේ දිදුලන දඟකාර තාරකාවියක් තමයි අනූෂා දමයන්ති. ඉතින් ඇය 2011 වර්ෂයේ ඩාන්සින් ස්ටාර් කිරුළ දිනාගැනීමට වාසනාවන්ත වුණා. ඇය මේ ක්ෂේත්‍රයට ඇවිත් විසි වසරක කාලයක් ගතවුණත් ඇයගේ ජනප්‍රියතාවය වෙනුවෙන් අදටත් ළඟින් සිටින්නේ ඇයට ආදරය කරන රසික පිරිස බවත් තම ජනප්‍රියතාවය තවත් සමහරුන්ට වේදනාවක් වූ බවත් ඇය පැවැසුවා.
කැපිලි, කෙටිලි, විවිධ යෝජනා මේ ක්ෂේත්‍රයේ නැතුවා නෙමේ. මේ ක්ෂේත්‍රයේ පිරිසක් මගේ දක්ෂතාවය හංගන්න හදද්දි තවත් සහෝදර පිරිසක් මාව ඉදිරියට ගත්තා. මටත් විවිධ ප්‍රශ්න ගැටලු මතුවුණා. හැබැයි ඒ කිසිම දේකට මම වැටුණේ නැහැ. මාව වට්ටන්න බැරි වුණේ මගේ ආත්මශක්තිය නිසා. ඒ සියල්ලටම මම නොබියව මුහුණදුන්නා. මම එදා ඉඳලා හිතාගත්තු දෙයක් තමයි මේ ක්ෂේත්‍රයේ හැමෝම මගේ සහෝදර පිරිසක් ඉන්නේ. ඒ නිසා කා සමගවත් ආදර සම්බන්ධකම් ඇතිකර ගන්නෙ නැහැ කියලා. ඉතින් අදටත් මම නොබියව ශක්තිමත්ව ඉන්නේ මගේ ගමන මම තේරුම් ගත්ත නිසා. කවදාවත් දක්ෂතාවය වට්ටන්න බැහැ තමා ශක්තිමත් නම්.

මට නම් ඕවා නැහැ
‘දේදුණු ආකාසේ’ චිත්‍රපටය හරහා තාරකාවක් වුණ චුලක්ෂි රණතුංග අද තරු අතර සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් ඇයත් නිරූපිකාවක් විදියට මේ ක්ෂේත්‍රයේ නමක් දිනා සිටි කෙනෙක්. ඇය පැවැසුවේ මේ වෙනකම් කිසිම කෙනෙක් එහෙම බලපෑම් එල්ලකර නැති බවයි. එය පිළිබඳ අත්දැකීම් නැති බවත්, එය ගැන අදහස් දැක්වීමට අපහසු බවත්, තමන් හරියට හිටියොත් දෙවියොත් නමට වඳීවි කියලයි ඇය අපට වැඩිදුරටත් කියා සිටියේ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ලින්ක් කේශා ‘කේශා ලයිට්’ නව මුහුණුවරකින් වෙළෙඳපොළට

Next Post

කරඳමුංගු සුවඳ මැදින් ගිහින් එන්න

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.