ජාත්‍යන්තරව පිළිගත් සම්මානනීය රෝහලක් ලෙස ප්‍රචලිත ලංකා හොස්පිටල්ස් සමූහයේ සභාපති වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන මහතාගේ මග පෙන්වීම යටතේ එහි කාර්ය මණ්ඩලය ජාතික කොවිඞ් – 19 සෞඛ්‍යාරක්ෂණ හා සමාජ සුරක්ෂිතතා අරමුදලට රුපියල් මිලියන 6.7ක මුදලක් පරිත්‍යාග කළේය. නව කොරෝනා වෛරසයට එරෙහි සටනට ආධාර පිණිස මේ මුදල් සම්භාරය ලංකා හොස්පිටල්ස්හි සභාපතිතුමන්ගේ, අධ්‍යක්ෂ මණ්ඩලයේ, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සාමූහික දායකත්වයෙන් රැස් කරන ලදී. ශ්‍රී ලංකාවේ කොවිඞ් – 19 පිටුදැකීමේ මෙහෙයුමේ පෙරමුණ ගත් සෞඛ්‍ය සේවයට හා අන් සියලු දෙනාට සහාය දැක්වීම සඳහා පසුගිය මාසයේදී රජය විසින් මේ අරමුදල ස්ථාපිත කරන ලදී.
“කොවිඞ් – 19 ගෝලීයව ව්‍යාප්ත වීම නිසා ලෝකයේ සෙසු රටවල් මෙන්ම ශ්‍රී ලංකාවත් ඉතාම අභියෝගාත්මක කාලයකට මුහුණ දී සිටිනවා. එනිසා මේ කාලයේදී රට වෙනුවෙන් හැකි උපරිම සහයෝගය දීම සියලුදෙනාගේම වගකීමක් බව අපගේ විශ්වාසයයි. දිවයින පුරා වෛද්‍ය, හෙද සහ අනෙකුත් සෞඛ්‍යාරක්ෂණ කාර්යය මණ්ඩල වෛරසය සමග සටන් කිරීමේ පෙරමුණට පැමිණ සිටින අතර ඔවුන්ගේ නොමඳ දායකත්වය හා කැපවීම නොමැතිව අපට නැවතත් සාමාන්‍ය වාතාවරණය උදාකර ගන්නට බැහැ. එබැවින් ලංකා හොස්පිටල්ස් කාර්ය මණ්ඩලය මහත් අභිමානයෙන් හා කෘතඥතාවෙන් යුක්තව ස්වකීය දායකත්වය කොවිඞ් – 19 අරමුදලට මේ අයුරින් ලබා දෙනවා.” ලංකා හොස්පිටල්ස් වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරි හා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය විමල් කරඳගොඩ මහතා පැවසීය.











