කොවිඞ් 19 ව්‍යසනය හේතුවෙන් අයහපත් බලපෑමට ලක්වූ ව්‍යාපාර යළි නඟාසිටුවීමේ ජාතික කර්තව්‍යයට අතහිත දෙමින් ජාතියේ මහා පහන්ටැඹ ලංකා බැංකුව සහන ණය යෝජනා ක්‍රම රැසක් මේ වන විට ක්‍රියාත්මක කර ඇත.
මෙම ණය යෝජනා ක්‍රම පිළිබඳව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණ කර්මාන්තය සහ ධීවර කර්මාන්තය ආශ්‍රිත ව්‍යවසායකයන්ගේ සහභාගිත්වයෙන් මාතර Sanaya Mansionහිදී 2020.07.01 දින පවත්වන්නට යෙදිණි. ආදළ ක්ෂේත්‍රයන්හි පවතින ගැටලු පිළිබඳව බැංකු නිලධාරීන් සමග සාකච්ඡා කිරීමේ මහඟු අවස්ථාවක් මෙහිදී ව්‍යවසායකයන්ට හිමිවිය.
ලංකා බැංකුවේ සභාපති නීතිඥ කාංචන රත්වත්තේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහා කළමනාකරු (මානවසම්පත්) කේ. ඊ.ඩී. සුමනසිරී, නියෝජ්‍ය මහා කළමනාකරු ඊ.එම්. ජයරත්න, නියෝජ්‍ය මහා කළමනාකරු (මූල්‍ය හා සැලසුම් /වැඩබලන ප්‍රධාන අලෙවි නිලධාරී) ප්‍රියල් සිල්වා, සහකාර මහා කළමනාකරු (දකුණු පළාත) අජිත් කරුණාරත්න යන මහත්වරු සහ ලංකා බැංකුව දකුණු පළාත් කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගි වූහ.











