ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්‍රය වෙත නැවත වතාවක් නැවුම් වූ අත්දැකීමක් එක්කරමින් AIA ඉන්ෂුවරන්ස් සමාගම සිය සේවාලාභීන් වෙත ව්‍යවසාය ශ්‍රේණියේ විසඳුමක් වන දුරස්ථ සුරක්ෂිත ඩිජිටල් අත්සන භාවිතය නොබෝදා හඳුන්වා දෙන ලදී. මෙමගින් අපගේ වටිනා සේවාලාභීන්හට ඔවුන්ගේ නිවෙස් තුළ සිටම සිය රක්ෂණ ඔප්පුවට අදාළ ලියකියවිලි අත්සන් කිරීමේ පහසුව සැලසේ.
“මෙම පුරෝගාමී විසඳුම AIA වෙතින් හඳුන්වා දෙනු ලබන්නේ සේවාලාභීන්හට අප සමාගම සමගින් කරන ගනුදෙනු වඩාත් පහසු කිරීමටයි” යනුවෙන් AIA ඉන්ෂුවරන්ස්හී ප්‍රධාන විධායක නිලධාරී නිකිල් අද්වානි විස්තර කළේය. අප නොබෝදා මුහුණ දුන් COVID – 19 වසංගත තත්ත්වය හමුවේ සේවාලාභියාගේ සුරක්ෂිතබව වඩාත් වැදගත් බව අපට වැඩි දුරටත් අවබෝධ වූ කරුණක්. එබැවින් තවදුරටත් නව රක්ෂණ ඔප්පු නිකුත් කිරීමේදී සේවාලාභීන් සහ අපගේ අලෙවි බලකා සාමාජිකයින් අතර මුහුණට මුහුණ සිදුවන හමුවීම් අවම කිරීම තහවුරු කිරීමට අපට ක්‍රමවේදයක් අවශ්‍ය බව හැඟී ගියා. ඒ අනුව මෙම දුරස්ථ සුරක්ෂිත ඩිජිටල් අත්සන් කිරීමේ වඩාත් ආරක්ෂිත, කාර්යක්ෂම මෙන්ම පහසු ක්‍රමය හඳුන්වා දීමට අප කටයුතු කළා.”
ඔබත් AIA වෙතින් හඳුන්වාදෙන රක්ෂණ ඔප්පුවකට යොමු වී ඔබගේ මෙන්ම ඔබේ ආදරණීයයන්ගේ සෞඛ්‍ය සහ මූල්‍ය සුරක්ෂිතබව තහවුරු කරගැනීමට සිතනවා නම්, ඔබගේ නිවෙසේ සිටම ඉතාමත් පහසුවෙන් එය ලබා ගැනීමට දැන් ඔබට පුළුවන්. වැඩි විස්තර සඳහා 0112 310 310 ඔස්සේ AIAහි අප අමතන්න.