QR කේත ක්‍රමය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලිය අතිසාර්ථකව ඉදිරියට ගෙන යන්නට ලංකා බැංකුව මේවන විට BOC SmartPay යෙදවුම හරහා සමත්ව ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විටත් මාතලේ, ගාල්ල, යාපනය, පුත්තලම, මඩකලපුව සහ කිලිනොච්චිය යන ප්‍රධාන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දිවයින පුරා ලංකා බැංකුව ඇතුළු අනෙකුත් ලංකා QR කේත සහතික කළ මූල්‍ය ආයතනවල සහභාගිත්වයෙන් ලංකා QR ජනප්‍රිය කිරීම සඳහා දැනුවත් කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත.
දිවයින පුරා ක්‍රියාත්මකවන මෙම වැඩසටහනේ එක් පියවරක් ලෙස 2020 සැප්තැම්බර් 12 වැනි දින මාතලේදී ප්‍රවර්ධන වැඩසටහනක් පවත්වනු ලැබීය. එදින වැඩසටහනට සහභාගි වූ ගනුදෙනුකරුවන්ට සහ වෙළෙඳ ප්‍රජාවට එදිනෙදා ගනුදෙනු සඳහා ලංකා QR කේත ක්‍රමය භාවිතා කිරීම පිළිබඳ දැනුම ලබා දීමට බැංකුව කටයුතු සූදානම් කර තිබුණි.
ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව, ලංකා බැංකුව ක්‍රියාත්මක කරන මෙම සුවිශේෂී වැඩසටහනට ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ ආයතනික හා විධායක කළමනාකාරීත්වය ඇතුළු නිලධාරීන් මෙන්ම මධ්‍යම පළාත් නිලධාරීන්ද සහභාගි විය. ලංකා QR කේත සහතිකය ලබාගත් පළමු බැංකුව, ලංකා බැංකුව වීමේ ගෞරවය හිමිකර ගැනීම අභිමානයකි. මේ වන විට BOC SmartPay, ලියාපදිංචි වෙළෙඳ භවතුන් 26,000ක් සහ සහතික කළ ගෙවීම් සිදුකරන සක්‍රීය පරිශීලකයින් 1,25,000කින් සමන්විතව ඇත.











