ඇමෙරිකානු ඩොලර් බිලියන 20.7ක වත්කම් සහිත දැවැන්ත සමාගමක් වන මහින්ද්‍රා සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත Mahindra & Mahindra Ltd ශ්‍රී ලංකාවේ අයිඩියල් මෝටර්ස් (පුද්.) සමාගම සමඟ ඇති කරගත් ව්‍යාපාරික සහයෝගිතාවයේ ප්‍රතිඵලයක් ලෙස මධ්‍යම පරිමාණ බර වාහන මාදිලියක් වන මහින්ද්‍රා ෆියුරියෝ ට්‍රක් රථ දැන් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට හඳුන්වා දී ඇත.
මහින්ද්‍රා ෆියුරියෝ ට්‍රක් රථය රෝද 6කින් සමන්විත වන අතර, එම මාදිලිය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලබන ප්‍රථම අවස්ථාවද මෙයයි. කැබ් සහ චැසි, ඩ්‍රොප් සයිඞ් ඩෙක්, හයි සයිඞ් ඩෙක් සහ අඩි 17, අඩි 19, අඩි 20, අඩි 22 හා අඩි 24 යන දිගින් යුතු ලෝඞ් බොඩි සහිත තවත් ෆියුරියෝ මාදිලි රැසක්ද ඉදිරියේදී හඳුන්වා දීමට අයිඩියල් මෝටර්ස් සමාගම තීරණය කර ඇත.
නවීනතම තාක්ෂණයෙන් සමන්විත නිසා ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහිත මෙහි එක් වරකට ප්‍රවාහනය කළ හැකි බර ප්‍රමාණය ටොන් 10කි. මහින්ද්‍රා ෆියුරියෝහි ඇතුළත් අනෙකුත් විශේෂාංග අතර බ්‍රේක් බාර් පද්ධතිය, 363mm විෂ්කම්භයකින් යුතු ඕගනික් ක්ලච්, සීරු මාරු කළ හැකි සුක්කානම, සීරු මාරු කළ හැකි රියැදුරු අසුන සහ මගී අසුන් මෙන්ම නිදාගැනීමේ කුටියක්ද වේ.











