වහාම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැදවන ලෙස ඉල්ලා ලිපියකට අත්සන් තැබීමට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් මේ වනවිට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
දැනටමත් ඊට සැලකිය යුතු පිරිසකගෙන් අත්සන් එකතු වී ඇති බව දැනගන්නට තිබේ.
පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම මෙම හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කැදවීමේ අරමුණ බව වාර්තා වේ.
අද (12) සවස මෙම ලිපිය පක්ෂ නායකත්වය වෙත බාරදීමට කටයුතු යොදා ඇති බවද දැනගන්නට ඇත.










