• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අසාධාරණය පේන්න බැරි සාධාරණ නළුවා

December 12, 2019
in Heart
Reading Time: 1 min read
A A
අසාධාරණය පේන්න බැරි සාධාරණ නළුවා
Share on WhatsAppShare on Facebook

අද කලා ක්‍ෂේත්‍රයේ ගොඩදෙනෙක් චරිත නිරූපණය කරන්නේ ජනප්‍රිය නළු නිළි සම්මාන වෙනුවෙන්. තවත් සමහරු සමාජයේ ජීවත් වන විවිධ චරිත නිරූපණය කිරීමට කැමැත්තක් දක්වනවා. ඉතින් එවැනි සුවිශේෂ ශිල්පීන් අතර සිටින එක් ශිල්පියෙක් තමයි හර්ෂ තෙන්නකෝන්. ඔහු මේ දවස්වල දකින දකින හැම තැනම චරිත මවනවා. ඒ කාර්යබහුලත්වය තුළ ඔහු අප සමඟ දොඩමලු වුණේ මේ විදියට.
හර්ෂ මේ දවස්වල පුංචි තිරයේ රජ කරනවා නේද?
පසුගිය කාලේ කරපු නිර්මාණ සියල්ලම එකවරම විකාශය වෙන්න ගත්තා. හුස්මක් තරමට, මායාරාජිණී, සිරස නාළිකාවේ ‘තෝඩු’ ස්වාධීන රූපවාහිනියේ, ‘හේලි’ දෙරණ නාළිකාවේ විකාශය වෙනවා. එයට අමතරව ‘රෂ්’ සිනමාපටය සාර්ථකව හොඳ ප්‍රතිචාර මැද දිවයින පුරා තිරගත වෙනවා.
කතාවක් තියෙනව හර්ෂ හැමදාම දකින කුකුළාගේ කරමල සුදුයි කියල. මෙහෙම නිතරම දකින එක ගැන ඔබට මොකද හිතෙන්නේ?
මට නම් එය සතුටක්. මොකද අපේ දක්‍ෂතාව විවිධ පැතිකඩවලින් විවිධ කෝණවලින් විවිධ විදියට දකිනවා. ඉතින් මම මේ එක ටෙලි නාට්‍යයකවත් එකම චරිතය රඟපාන්නේ නැහැ. එහෙම වුණා නම් ප්‍රේක්‍ෂකයන්ට මාව එපා වෙයි. මම නිරූපණය කරන්නේ එකිනෙකට වෙනස් චරිත.
හර්ෂ ඔබේ රඟපෑමවත් ඔබට බලන්නට වෙලාවක් නැතිතරමට ඔබ කාර්යබහුල වෙලා?
ඇත්තටම ඔව්. මම රඟපාපු ටෙලිනාට්‍යයක්වත් බලන්න වෙලාවක් නැහැ. මම රඟපාපු ටෙලිනාට්‍යවල චරිතවල සාර්ථකත්වය මට දැනෙන්නෙ ප්‍රදේශයෙන් ප්‍රදේශයට යද්දී ලැබෙන ප්‍රතිචාරවලින්. එයින් මම තේරුම් ගන්නවා ඒ චරිතවලට මම සාධාරණයක් කර ඇති බව.
ඔබ ඔය කළ චරිත අතර ‘හේලි’ නාට්‍යයේ වලිසුන්දර කියන චරිතය වෙනස් නේද?
ඒ චරිතය මම දැඩි කැපවීමකින් කරපු චරිතයක්. අනෙක් නිර්මාණවලට කැපවුණේ නැහැ කියනවා නෙමේ. මට ලැබෙන හැම චරිතයකටම මගේ උපරිම දායකත්වය මම දෙනවා. මෙයට කලින් විවිධ චරිතවලින් වලිසුන්දර වගේ වෙනස් චරිත දකින්න ඇති. නමුත් එයට වඩා ලොකු වෙනසක් කිරීමට මේ වලිසුන්දර උත්සාහ කරනවා.
ඔබ මේ ක්‍ෂේත්‍රයට දායක වෙන්නේ වේදිකාව හරහා. ඒත් ඔබට දැන් වේදිකාවෙන් ආරාධනා අඩුද?
මම වේදිකාවේ අවුරුදු හතරක් විතර වැඩ කළා. මම වේදිකාව අමතක කරලා නැහැ. නමුත් වේදිකාවේ ආවට ගියාට රඟපාන්න බැහැ. පෙර පුහුණුවීමක් ඇතිව සජීවී රංගනයක් නිර්මාණය කරන නිසා එයට ලොකු කාලයක් කැපකිරීමක් වෙන් කරන්න සිද්ධ වෙනවා. මේ වෙලාවේ මට ඒ වෙනුවෙන් කාලය වෙන් කරන්න අපහසුයි.
ඔබ චරිත තෝරා ගැනීමේදී විශේෂත්වයක් දක්වනවාද?
ඇත්තටම මම ගොඩාක් කැමැති මිනිසුන් ජීවත් වන විවිධ චරිත අත්හදා බලන්න. නළුවෙක් නොවුණා නම් ඒ චරිත අපිට අත්හදා බලන්න වෙන ක්‍රමවේදයක් නැහැ. චරිතයක් අත්හදා බලනවාට වඩා ඒ චරිතය තුළට ආරූඪ වන එක බැරෑරුම් වැඩක්. නමුත් මගේ මේ චරිත පිපාසය නිසා ඒ අභියෝගය වෙනුවෙන් රෑ-දිවා නොබලා මම මුහුණ දෙන්න සූදානම්.
ඔබ ඒ දක්වන උනන්දුව ඔබට නිර්මාණ ගලා ඒමට තවත් හේතුවක්ද?
මගේ ප්‍රතිරූපයට ආරාධනා ලැබෙන්න මම එහෙම ලස්සන නළුවෙක් නෙමේ. මගේ ලස්සන එහෙම තිබුණ නම් මට අද මීටත් වඩා දුර ගමනක් ගිහින් ජාත්‍යන්තරයත් එක්කත් තරග කරනවා. ගොඩ දෙනෙක් මගේ දකිනවා ඇත්තේ මගේ දක්‍ෂතාව. ඔවුන් හිතනවා ඇති මට චරිතයක් භාර දුන්නොත් මම එයට සාධාරණයක් ඉටු කරනවා කියලා. අන්න ඒ විශ්වාසය තියාගෙන මම කටයුතු කරනවා. තවත් සමහරු මම එක්ක වැඩ කිරීමේ පහසුවක් දකිනවා ඇති.
හර්ෂට හරියට කේන්ති එනවා නේද?
ඒක මගේ පොඩි කාලේ ඉඳල තිබෙන දෙයක්. හරි දේ වෙනුවෙන් ඉවසනවා. අසාධාරණය මට පේන්න බැහැ.
අමතක නොවන ලෙස ඉවසීම පැනපු අවස්ථාත් ඇති?
එහෙම නැතුවා නොවේ. ඉස්සර වගේ මම දැන් කිසිම දෙයක් අතින්-පයින් විසඳන්න යන්නේ නැහැ. මම වැඩිහිටියෙක් නිසා. මම කැමැති නැහැ මගේ නම වෙන විදියකට පාවිච්චි වෙනවාට. මම ගොඩාක් තැන්වලට නොගිහින් ඉන්නෙත් ඔය හේතුන් නිසා. මම මගේ පාඩුවේ මගේ පවුලේ අයත් එක්ක කාලය ගතකරන්න තමයි කැමැති.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මහින්ද්‍රා නවතම ට්‍රක් රථ පෙළ දැන් ශ්‍රී ලංකාවේ

Next Post

ආණ්ඩුවේ ‌සේවකයන්ට නත්තල් ‌බෝනස්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.