දරාගත හැකි මිලකට ලබාගත හැකි, පවුලේ සියලු දෙනාට ගමන් කළ හැකි, අලුත්ම අලුත් වාහනයක් ගැන සිහින මැවූ ශ්‍රී ලාංකික ජනතාවට ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඞ් වෙතින් හඳුන්වා දුන් බජාජ් කියුට් කොඩි්‍රසයිකල් රථය පසුගියදා 1,500 වෙනි කඩඉම පසු කළේය. ඒ අනුව මේ වන විට මෙරට පවුල් 1,500කට අධික ප්‍රමාණයක ප්‍රවාහන අවශ්‍යතා සුපරාලන පවුලේ වාහනය බවට බජාජ් කියුට් කොඩි්‍රසයිකල් රථය පත් වී ඇත.
ලෝකයේ රටවල් 32කට අධික ප්‍රමාණයක භාවිත වන බජාජ් කියුට් කොඩි්‍රසයිකල් ශ්‍රී ලංකාවට මෙම වසර මුලදී හඳුන්වා දුන්නේය.
වඩාත් ඉඩ කඩ ඇතිව නිෂ්පාදනය කර ඇති කියුට් රථය රියැදුරාට සහ වාහනයේ ගමන් කරන අනෙකුත් අයට සුවපහසු සහ ආරක්ෂාකාරී ගමනක් තහවුරු කරමින් ආවරණය වූ බඳකින් යුතුවේ. ගමන් මලු රැගෙන යාම සඳහාද සැලකිය යුතු පහසුකම් බජාජ් කියුට් රථයේ ඇති අතර සීමාකරන ලද උපරිම වේගය සහ මොනොකොක් බඳ හේතුවෙන් එහි ගමන් කරන සියල්ලන්ට වඩාත් ආරක්ෂාවක් සලසා දෙයි.











