ඉදිරි ජනාධිපතිවරණය පදනම් කරගන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමීක්ෂණ කණ්ඩායමක් විසින් සිදුකරනු ලැබූ නවතම සමීක්ෂණ වාර්ථාවක් නිකුත් වී ඇත.
එම වාර්ථාවට අනුව ගෝඨාභය රාජපක්ෂ, අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස හා කරු ජයසූරිය යන අපේක්ෂකයන් සමීක්ෂණයට භාජනය කර තිබේ.
එම සමීක්ෂණයට අනුව ගෝඨාභය රාජපක්ෂ, කරු ජයසූරිය හා අනුර කුමාර දිසානායක යන මහත්වරු ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දෙන්නේ නම් 53%ක් කරු ජයසූරිය මහතාටදල 43%ක් ගෝඨාභය රාජපක්ෂ මහතාටදල 4%ක් අනුර කුමාර දිසානායක මහතාටද ලැබෙන බව අදාළ සමීක්ෂණය මගින් පෙන්වා දී ඇත.
එහෙත් ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායක යන මහත්වරු ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දෙන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට 51%ක්, සජිත් ප්‍රේමදාස මහතාට 43%ක් හා අනුර කුමාර දිසානායක මහතාට 6%ක් ලැබෙන බව අදාළ සමීක්ෂණය මඟින් හෙළිදරව් කරයි.
මෙම සමීක්ෂණයේ වැදගත්ම කරුණ වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාව පරාජය කිරීමට සජිත් ප්‍රේමදාස මහතාට නොහැකි බවත් එය කරු ජයසූරිය මහතාට සිදුකළ හැකි බවත්ය.
පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට ඉතා වැදගත් වූ සිංහල බෞද්ධ කලාපයේ මෙවර දී කරු ජයසූරිය මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට දැඩි තරඟයක් දීමට ඉඩ ඇති බව මෙම සමීක්ෂණ වාර්ථාව මගින් පෙන්වා දෙයි. ඊට හේතුව වශයෙන් එම සමීක්ෂණ කණ්ඩායම පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට නොතිබූ සිංහල බෞද්ධ ප්‍රතිරූපයක් කරු ජයසූරිය මහතාට තිබෙන බවයි.
එමෙන්ම කරු ජයසූරිය මහතා වෙනුවට සජිත් ප්‍රේමදාස මහතා තරඟ කළහොත් එහි වාසිය අනුර කුමාර දිසානායක මහතාට අත්වන බවද සමීෂණය මගින් පෙන්වා දෙයි.
එමෙන්ම නාගරික ප්‍රදේශවල සජිත් ප්‍රේමදාසට වඩා කරු ජයසූරිය මහතාට වැඩි ආකර්ශණයක් තිබෙන බවද සමීක්ෂණ වාර්ථාව පවසයි.
මෙම විශ්ලේෂණයේ දී උපකල්පන කිහිපයක් සැලකිල්ලට ගෙන තිබේ. එනම් ශ්‍රීලංකා නිදහස් පක්ෂය අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන අතර ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල වශයෙන් සහයෝගය ලබාදෙයි.
එමෙන්ම කුමන අපේක්ෂකයා ඉදිරිපත් වුවද එක්සත් ජාතික පක්ෂය කැඩී යන්‌නේ නැත. එමෙන්ම සුළු ජාතික පක්ෂ අපේක්ෂකයන් ඉදිරිපත් කරන්නේ නැත වශයෙනි.
සම්පූර්ණ සමීක්ෂණ වාර්ථාව පහත දක්වා ඇත.