තමන් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන සටන අඩියක් තියා මිලිමීටරයක්වත් පස්සට නොගන්නා බව සජිත් ප්‍රේමදාස මහතා අද (07) සදහන් කර සිටියේය.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති පළාත් සභා හා පළාත්පාලන නියෝජිතයන්ගේ සමුලුවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව හෙට (08) අගමැතිවරයා හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් අතර පැවැත්වීමට නියමිත සාකච්ජාව ඉතා තීරණාත්මක වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කර සිටී.










