සාහසික ලෙස ඝාතනය කරන ලද ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ මහතාගේ නිවසට ඊයේ (13) පැමිණියේය.
ආණ්ඩුව විසින් ලබාදෙන බවට පොරොන්දු වූ කල්බදු සහන ලීසිං සමාගම් වෙත නිසියාකාරයෙන් දැනුවත් නොකිරීම නිසා සිදුවු මෙම අවාසනාවන්ත ඝාතනය තුලින් ගම්‍ය වන්නේ රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියාවන් ඉහළ ගොස් ඇති බව යැයි කී සජිත් ප්‍රේමදාස මහතා අද වනවිට මිනීමැරුම්, පහරදීම්, මංකොල්ලකෑම ආදී කටයුතු වැඩි වශයෙන් අසන්නට ලැබෙන බව කීය.










