වර්ෂ 2020 පෙබරවාරි මස 13 වැනි දින කොළඹදී ඉන්දියාවේ ව්‍යාපාර අතර ප්‍රදර්ශන සංවිධානය කිරීමෙහිලා පෙරමුණ ගන්නා Informa Market (මින් පෙර UBM India ලෙස නම් වූ) විසින් බොහෝ සෙයින් කතාබහට ලක් වූ Renewable Energy Growth Forum එනම් පුනර්ජනනීය බලශක්ති වර්ධනය පිළිබඳ සමුළුව (පෙබරවාරි මස 13 සහ 14, 2020) දිනවලදී කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ආරම්භ කරන ලදී. මෙම කටයුත්තට ශ්‍රී ලංකාවේ වාණිජ මණ්ඩලයේ (Ceylon Chamber of Commerce – CCC) සහ ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ (Chamber of Construction Industry – CCI) සහාය ලැබුණු අතර මෙහිදී පුනර්ජනනීය බලශක්ති කර්මාන්තයේ විභවය, ප්‍රතිපත්ති සහ ප්‍රවණතා, ගෝලීය වෙළෙඳපොළේ දළ විශ්ලේෂණය, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය සඳහා ඇති ඉඩ ප්‍රස්තා සහ ව්‍යාපෘත මූල්‍යකරණය ආදිය පිළිබඳ සාකච්ඡා කරන ලදී.











