ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන ‘The Business Today’ ’ එහි නවතම ඇගයීම්වලට අනුව ප්‍රථම වතාවට පෑන් ඒෂියා බැංකුව ශ්‍රී ලංකාවේ උසස්ම ව්‍යාපාරික ආයතන 30 අතරට නම් කොට තිබේ.
2018 – 2019 සඳහා වන ‘The Business Today Top 30’ සඳහා සලකා බැලෙන්නේ 2018 දෙසැම්බර් සහ 2019 මාර්තුවලින් අවසන් මූල්‍ය වර්ෂ සඳහා ව්‍යාපාරික ආයතනවල මූල්‍ය සහ මූල්‍ය නොවන කාර්ය සාධනයන්ය. ඒ පිළිබඳ සවිස්තරාත්මක ඇගයීමක් පදනම් කරගනිමින් මෙරට ලැයිස්තුගත ව්‍යාපාරික ආයතන සඳහා සිදුකරන මෙම ස්වාධීන ශ්‍රේණිගතකිරීම සඳහා KPMG ආයතනයේ සහායද ලැබේ.
පෑන් ඒෂියා බැංකුව ශ්‍රී ලංකාවේ උසස්ම ව්‍යාපාරික ආයතන 30 අතරට එක්වීමේ අවස්ථාව ලද්දේ මෙරට ලැයිස්තුගත 300ක් පමණ වන ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන රැසක් අතරින් වීමද විශේෂත්වයකි.
“මේ තුළින් මධ්‍යම ප්‍රමාණයේ වාණිජ බැංකුවක් ලෙස අපේ ප්‍රගතිය මනාව විද්‍යමාන වන අතර එය මෙරට ප්‍රමුඛතම සහ ජනප්‍රියතම ව්‍යාපාරික සඟරාවක ඇගයීමට ලක්වීම පෑන් ඒෂියා බැංකුවේ අප සියලුම දෙනාට අභියෝගාත්මක කාලවලදී සියලු බාධක මැඩගෙන ඉදිරිට යාමට විශාල දිරියක් වෙනවා” මේ පිළිබඳ අදහස් දක්වමින් පෑන් එෂියා බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී නිමල් තිලකරත්න මහතා පැවසීය.
පෑන් ඒෂියා බැංකුව මෙරට ශීඝ්‍රයෙන්ම වර්ධනය වන බැංකුව ලෙසින්ද එහි නවෝත්පාදක නිපැයුම් සඳහාද බොහෝ අවස්ථාවල ඇගයීමට ලක්ව ඇති අතර මෑතකදී සියලු ශ්‍රී ලාංකික ආයතන අතරින් විශිෂ්ටතම මූල්‍ය ප්‍රතිඵලය වෙනුවෙන් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය වෙතින් රන් සම්මානයකින් පිදුම් ලැබීමටද සමත් විය.