තායිලන්තයේ බැංකොක් නුවර Athenee හෝටලයේ පසුගිය නොවැම්බර් 22 වැනි දින පැවැත්වූ “Property Guru Asia Property Awards” සම්මාන උළෙලේ අවසන් වටයේ ශ්‍රී ලංකා කාණ්ඩයේ හොඳම දේපළ සංවර්ධක (Best Developer Award) ඇතුළු සම්මාන හතරක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ සංවර්ධන ආයතනය වන ප්‍රයිම් සමූහය සමත් වූ බව නිවේදනය කර සිටියි.
ප්‍රයිම් සමූහය හොඳම දේපළ සංවර්ධක (Best Developer Award) ලෙස අඛණ්ඩව කිරුළු පැලඳි දෙවැනි අවස්ථාව මෙය වෙයි. මීට අමතරව ප්‍රයිම් සමූහයේ කොළඹ 07 වෝඞ් ප්ලේස්හි පිහිටි Prime Grand සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය සඳහා හොඳම සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස සංවර්ධන සම්මානයත්, Prime Urban Art නිවාස ව්‍යාපෘතිය සඳහා හොඳම නිවාස ව්‍යාපෘති සම්මානයත් (Best Housing Project in Sri Lanka) සමූහයේ ආයතනික සමාජ සත්කාර සඳහා විශේෂිත සම්මානයත් දිනාගැනීමටද ප්‍රයිම් සමූහය මෙහිදී සමත් විය.











