• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අපි අපේ මෙගා කොලිටියට කරනවා

December 11, 2019
in Heart
Reading Time: 2 mins read
A A
අපි අපේ මෙගා කොලිටියට කරනවා
Share on WhatsAppShare on Facebook

ළමා අවධියේ සිටම කලාවට පෙම්බැඳි පුංචි දැරියක් තාරුණ්‍යයේදී දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙසින් ප්‍රේක්ෂක හදවත් වශීකර ගන්නවා. එහෙත් එතැනින් නොනැවතී ඒ විශිෂ්ට රංගන ශිල්පිනිය පසුකාලීනව ළමා පරපුරත්, තරුණ පරපුරත්, වැඩිහිටි පරපුරත් යන මේ සමාජ කාණ්ඩ ත්‍රිත්වයම ආකර්ෂණය කරගන්නට සමත්කම් දක්වනවා. ඒ එම සමාජ කාණ්ඩ ත්‍රිත්වයේම සිතැඟිවලට ගැළපෙන ටෙලිනාට්‍ය රැසක් නිෂ්පාදනය කරමින්. ඒ අනුව රූපවාහිනී වංශ කතාවේ ටෙලි නාට්‍ය නමැති පරිච්ඡේදය නොමැකෙන ලෙස සිය නාමය සටහන් කර ගන්නට මේ වනවිටත් සමත්කම් දක්වා ඇති ඇය තවත් පියවර කිහිපයකින්ම ඉදිරියට යන්නට සූදානමින් සිටින බවක් අපට දැනගන්නට ලැබුණා. ඉතින් ගෙවුණු අතීතය ගැනත්, අනාගත නව නිර්මාණ ගැනත්, ගෙවුණු ජීවිතයේ දුක්බර සුන්දර බොහෝ දේ ගැනත් කතා කරන්නට අපි ඒ විශිෂ්ට නිර්මාණකාරියව හමු වුණා. ඇය නමින් නිමන්ති පෝරගේ.
නිමන්තිගෙ කලා ජීවිතේ ආරම්භය ගැන මතක් කළොත්?
පුංචි කාලෙ ඉඳලම කලාව ගැන මට ලොකු උනන්දුවක් තිබුණා. පාසල් කාලයේදීත් මං ඩාන්සින් කළා. ඒ අනුව තමයි මං ටෙලි නාට්‍ය රංගනයට යොමු වුණේ. මගේ පළමුවැනි ටෙලි නාට්‍ය වුණේ “කස්තිරම” කියන ටෙලි නාට්‍යය. එය තමයි මී මුරේ කරපු පළමු වැනි ටෙලි නාට්‍යය. ඉතින් එතැනින් ආරම්භ කරපු ගමන ඉතා සාර්ථකව ඉදිරියට ගෙන යන්න මට පුඵවන් වුණා. මේ වෙද්දී මට මතක විදියට මං ටෙලි නාට්‍ය සියයක පමණ රඟපාලා තියෙනවා.
දැන් රඟපෑමෙන් ඈත්වෙලා නිෂ්පාදන කටයුතු විතරක් කරනවා කියලයි අපිට හිතෙන්නෙ?
ඔව්. ඒකෙත් ඇත්තක් තියෙනවා. මොකද අපට ගැළපෙන චරිත අඩුකමත් සමඟ යම් තරමකට රඟපෑමෙන් දුරස්වීමක් තියෙනවා. අනෙක් එක අපි නිෂ්පාදනය කරන හැම ටෙලි නාට්‍යයකම මං රඟපාන්නම ඕනෑ කියලා හිතන්නෙත් නැහැ. ගැළපෙන චරිතයක් තිබුණොත් රඟපානවා.
මොනවද මේ දිනවල කෙරෙන නිර්මාණ කටයුතු?
මේ දවස්වල හිරු නාළිකාවේ අපේ ටෙලිනාට්‍ය දෙකක් විකාශනය වෙනවා. එයින් “අහස් මාලිගා” නම් දැන් අවුරුදු දෙකක් තිස්සේ විකාශනය වෙනවා. “හතේ කල්ලිය” නාට්‍යයත් මාස අටක් පමණ විකාශනය වෙනවා. මේ දෙකටම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ඊට අමතරව මේ දිනවල “අයිස්” කියලා අලුත් නාට්‍යයක කටයුතු කරගෙන යනවා. “අයිස්” නාට්‍යයට නම් මාත් රංගනයෙන් එකතු වෙනවා.
බොහෝ පිරිසක් මෙගා ටෙලිනාට්‍යවලට බණිනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
මම නම් එහෙම වරදක් දකින්නෙ නැහැ. මොකද අපේ නාට්‍ය මෙගා කියල අපි ආවාට ගියාට කරන්නෙ නැහැ. දැඩි කැපවීමකින්, උනන්දුවකින් හොඳට කරනවා. ඊළඟ කාරණය තමයි කාලෙන් කාලෙට යන රැල්ලක් තියෙනවා. ඉතින් ඒ රැල්ලත් එක්ක අපට යන්න සිද්ධ වෙනවා. මේ කාලෙ කොටස් පනහක නාට්‍යයක් කරන එක නිෂ්පාදකයකුට පාඩුයි. මොකද මේ කාලෙ ලොකු ගණන්වලට චැනල්වලින් නාට්‍ය ගන්නෙ නැහැ. ඉතින් නාට්‍යයක් යම් ජනප්‍රියත්වයකට එද්දී චැනල්වලින්ම කියනවා ඉදිරියට ගෙන යන්න කියලා. හැබැයි කරන දේ කොලිටි එකට කරන එක තමයි වැදගත්ම දේ.
තමන්ගෙ ටෙලිනාට්‍ය ජනප්‍රිය කරගන්න චැනල්, චැනල් තරග කරනවා නේද?
ඒක සාමාන්‍ය දෙයක්. මොකද ඕනෑ චැනල් එකක් බලන්නෙ තමන්ගෙ නාළිකාවේ යන ටෙලි නාට්‍ය අංක එකට ගන්න. ඉතින් ඒකට අපටත් දායක වෙන්න වෙනවා.
ඔබේ ජීවිතයේදී ඔබ ඉතා කැමැත්තෙන් රඟපාපු හෝ නිෂ්පාදනය කරපු ටෙලි නාට්‍ය මොනවද?
මං රඟපාපු ටෙලිනාට්‍ය අතරින් පරාක්‍රම නිරිඇල්ල මහතාගේ “සුදෝ සුදු” නාට්‍යයට තමයි කැමැතිම. එහි හීං මැණිකෙගෙ චරිතයට මට සම්මානයකුත් ලැබුණා. අපි නිෂ්පාදනය කරපු නාට්‍ය අතරින් මං “මිල්ලෑවේ වලව්ව” නාට්‍යයට තමයි කැමැති.
කාර්යබහුල ශිල්පිනියක් විදියට විවේකයක් ලැබුණාම මොකද කරන්නෙ?
ඇත්තටම විවේකයක් නම් ලැබෙන්නෙම නැති තරම්. මොකද නිෂ්පාදන කටයුතු තියෙනවා එයට අමතරව බබාලා දෙන්නගෙ වැඩ තියෙනවා. මේ වැඩත් එක්ක කොහොම හරි විවේකයක් දාගත්තාම කොහේ හරි ගිහින් ඇවිදලා එන එක තමයි කරන්නෙ. ලංකාවේ සම්මාන උළෙලවල් ගැන මොකද හිතෙන්නෙ? අපේ රටේ සම්මාන ගැන නම් ඉතින් කතා කරල වැඩක් නෑ. ඒ සම්මානවලින් සියයට පනහක් විතර තමයි වැඩකට ඇති සම්මාන තියෙන්නෙ. ඔය සමහර සම්මාන බෙදිල යන විදිය ගැන මේ ක්ෂේත්‍රයේ ඉන්න අය දන්නවා. ඒ නිසා අපේ රටේ සම්මාන ගැන නම් සෑහීමකට පත්වෙන්න බැහැ.
ඔබේ කාලයේ ශිල්පීන් සහ දැන් බිහිවන ශිල්පීන් ගත්තාම ඔබට මොනවද හිතෙන්නෙ?
දැන් ඕනෑ තරම් මේ ක්ෂේත්‍රයට එනවා. නුගේගොඩ පැත්තෙ රවුමක් ගහලා ආවොත් හතරවටේ නඵ නිළියො ඕනතරම් හමු වෙනවා. ඒක නොවෙයි රංගනය කියන්නෙ. එදා රංගන ශිල්පිනියන්ට තිබුණු වටිනාකම අද එන අයට ලැබෙන්නෙ නැහැ. අනෙක් එක දැන් කරන චරිත මතකයේ රැඳෙන්නෙ නැහැ. ඒ වගේම අද තරුණ ශිල්පීන් නිර්මාණය තුළ නැහැ. එයාල කරන්නෙ ආවා. දෙබස් ටික පාඩම් කරගෙන කිව්වා ගියා. අනෙක් එක බොහෝ දෙනෙක් ප්‍රවීණයන්ට ගරු කරන්නේ නැහැ. කිසිම නම්‍යශීලී බවක් නැහැ. විනයක් නැහැ. එහෙම වුණාම රැඳීම අඩුයි. ආවා ගියා. ආවා ගියා.
තරුණ ශිල්පීන් වැඩිහිටි චරිත නිරූපණයෙන් ප්‍රවීණ ශිල්පීන්ට අසාධාරණයක් වෙන්නෙ නැද්ද?
එහෙම ප්‍රශ්නත් තිබෙනවා. හැබැයි අද කාලේ බොහෝ පිරිසක් කැමැති මාපියන්ගෙ චරිතවලටත් තරුණ අය ඉන්නවට. ඉතින් එහෙම බැලුවාම ඒ දේ කරන්න වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. අපේ කාලෙ තමයි අවුරුදු විසි ගණන්වල ළමයින්ට අවුරුදු පනහෙ හැටේ අය ගත්තේ. අද එහෙම බැහැ. සමහර විට ඕක ඉන්දියාවෙන් ආපු ආභාසය වෙන්න පු`ඵවන්.
නිමන්තිට තවම සැබෑ කරගන්න බැරි වූ සිහිනයක් තිබෙනවද?
ඔව්. මමයි මගේ සැමියටයි ලොකු හීනයක් තියෙනවා. ෆිල්ම් එකක් කරන්න. මං හිතන්නෙ ඒ හීනය තවම ගොඩක් දුරයි කියලා. හැබැයි හැකි ඉක්මනට ඒ හීනය හැබෑ කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ.
ක්ෂේත්‍රයේ අමතක නොවන සිදුවීමක් ගැනත් මතක් කළොත්?
දසුන් ශානකගෙ මරණය අපිට දරාගන්න අපහසු වුණා. මොකද දසුන් මැරෙන්න පැය භාගයකට කලිනුත් අපි එයාට මැසේජ් එකක් දැම්මා අපේ පින්කමකට එන්න කියලා. ඒ මැසේජ් එක දාලා පැයකට විතර පස්සෙ තමයි අපිට ආරංචිය ආවේ එයා මැරුණයි කියලා. ඒ වෙද්දි එයා අපේ නාට්‍ය දෙකක රඟපාමින් හිටියේ. ඉතින් වෙන කෙනෙක් දාලා ඒ නාට්‍ය කරද්දිත් අපිට දරාගන්න බැරි වුණා.
ලංකාවේ කලාකාරියක් වීම ගැන මොකද හිතෙන්නේ?
ඒ කාලෙ නම් ඒක භාග්‍යයක්. ඒත් අද නම් ලංකාවේ කලාකාරයෙක් වීම ඛේදවාචකයක් කියලා තමයි කියන්න තියෙන්නෙ.
කුමාර රත්නායක

SendShareShare
Previous Post

ප්‍රයිම් සමූහය සම්මාන දිනයි

Next Post

DSI Tyre රන් සම්මානයෙන් පිදුම් ලබයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නව සර්වේයර් ජනරාල්වරිය ලෙස ඕ. ටී. එම්. අයි. තිලකරත්න පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.Sri...

Read more
බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.