නේෂන්ස් ට්‍රස්ට් බැංකුව Business Today Top 30’ සම්මාන උළෙලේදී මෙරට ඉහළම සමාගම් අතර 14 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. වසර 20ක අත්දැකීම් සමගින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව එම සන්ධිස්ථානය සනිටුහන් කළ ළාබාලතම සමාගම බවටද පත් වූයේ මින් පෙර වසරට වඩා ස්ථාන නවයක් ඉදිරියට පැමිණෙමිනි. ‘Business Today Top 30’ සම්මාන, කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ලියාපදිංචි සමාගම් විසින් ප්‍රකාශිත තොරතුරු ආශ්‍රයෙන් වන අතර එම සමාගම් සමාජ වගකීම වෙනුවෙන් දක්වන කැපවීමද ඒ සඳහා ඇගයුමට ලක් කෙරේ.
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සිය මෙහෙයුම් කටයුතු වර්ධනය සඳහා දියත් කරන ක්‍රමෝපාය, වසර ගණනක් තුළ මෙම ලැයිස්තුවේ ඉහළට ගමන් කිරීම මගින් වඩාත් පිළිබිඹු කෙරේ. අසමසම බැංකුකරණ අත්දැකීමක් පාරිභෝගික ජනතාව වෙනුවෙන් පිරිනැමීම සඳහා නිබඳ කැපවන නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, තාක්ෂණික සහ Lean ක්‍රමවේද හරහා සිය මෙහෙයුම් ක්‍රියාවලි ඩිජිටල්කරණය කරමින් මෙහෙයුම් කාර්යක්ෂමතාව මෙන්ම උසස් පාරිභෝගික අත්දැකීමක් ද පිරිනැමීමට කටයුතු කරයි.











