පසුගියදා පැවැත්වුණු 2019 ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී දංකොටුව පෝසිලේන් පී.එල්.සී. සමාගම රසායනික, සෙරමික් සහ වීදුරු අංශයේ ජයග්‍රාහකයා බවට පත්වූ අතර ගෝලීය තත්ත්වයේ පෝසිලේන් නිෂ්පාදකයකු ලෙස සමාගම සතු ඉහළ කීර්තිය 2019 අවසන් වන විටත් ජයග්‍රාහීව තවත් ඉදිරියට රැගෙන යෑමට සමාගම සමත්වී තිබේ. සුඛෝපභෝගී සහ මනස්කාන්ත පෝසිලේන් නිෂ්පාදන සඳහා ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත්වී තිබෙන දංකොටුව පෝසිලේන් සමාගම මේ වනවිට ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ මිලියන ගණනාවක පාරිභෝගික සිත් සතන් දිනාගැනීමට සමත්ව ඇත.
‘අපගේ ව්‍යාපාරික විශිෂ්ටතාවය ඇගයීමට ලක්වීම පිළිබඳව අපි අතිශය සතුටට පත්වෙනවා. මෙම තත්ත්වයට අප ළඟාවුණේ දශක දෙකකට වැඩි සාර්ථක ගමනක් පැමිණීමෙනුයි. මේ නිසා, දංකොටුව පෝසිලේන් සමාගමේ කළමනාකාරිත්වය සහ කණ්ඩායම වෙනුවෙන් මෙම සම්මානය මා ඉතාමත් ආඩම්බරයෙන් සහ සතුටින් භාර ගන්නවා.” දංකොටුව පෝසිලේන් පී.එල්.සී. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි චන්න ගුණවර්ධන මහතා පැවසීය.











