කොළඹ මහා නගර සභාවේ තාක්ෂණික නිලධාරීන්හට ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් සිමෙන්ති සහ කොන්ක්‍රිට් නිෂ්පාදන පිළිබඳ එක්දින පුහුණු වැඩසටහනක් නොබෝදා පැවැත්විණි. නගර සභාවේ පුහුණු අංශයේ සහයෝගිත්වයෙන් මාදම්පිටියේ පිහිටි පුහුණු මධ්‍යස්ථානයේදී පැවති මෙම වැඩසටහනට, ඊට අනුයුක්ත තාක්ෂණික නිලධාරීන් 31ක් සහභාගිව සිටියහ.
ටෝකියෝ සුපර්මික්ස් සමාගමේ සාමාන්‍යාධිකාරි ඉන්ජිනේරු ජානක පෙරේරා මහතා විසින් මෙහි ප්‍රධාන සැසිය පවත්වන ලද අතර ටෝකියෝ සිමෙන්ති සමාගමේ නිෂ්පාදන හා සේවා පිළිබඳ පුළුල් හැඳින්වීමක් එමගින් ලබාදුනි. සංයෝග කළ ද්‍රාව සිමෙන්ති (Blended Hydraulic Cement), නිෂ්පාදිත වැලි සහ කොන්ක්‍රීට්වල ද්‍රාව කාලය පවත්වාගැනීමට යොදාගන්නා නවතම රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ලැබෙන වාසි එම මාතෘකාව යටතේ සාකච්ඡාවට ගැනුණි.