• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

අජානීය වාහනවල ‌ලොවට ‌හොරෙන් වඩිනා: ස්වාමීනි නිවන් පුරය මගහැරේද සිතුණා

December 22, 2019
in News, Politics, Uncategorized
Reading Time: 4 mins read
A A
අජානීය වාහනවල ‌ලොවට ‌හොරෙන් වඩිනා: ස්වාමීනි නිවන් පුරය මගහැරේද සිතුණා
Share on WhatsAppShare on Facebook

දරු සෙනෙහසට මැදිව හඬා වැටෙන මවුවරුන්ගේ කඳුළක වේදනාවේ ස්වරූපය විටින් විට වෙනස් වෙනවා. ඒ සෑම මොහොතකම මව්වරුන්ගේ ඒ විලාප හඬ මිහිතලය මත රඳවන්න ඔවුන් හෙළුෑ කඳුළු ගංගා වෙනවා. රිය අනතුරු ඉහළ යමින් තියෙන මෙවන් යුගයක රිය අනතුරුවලින් මිය යන තරුණයන්ගේ මවුපියන් දිනපතාම පාහේ ඒ විලාප හඬට එක් වුවද මෙම රටට දැනෙන විලාප හඬ රත්නපුර, නිවිතිගල, කලවාන ප්‍රදේශ තුළින් අසන්නට ලැබුණේ පසුගිය 13 වැනිදාය. එදින මුළු රටම කම්පා කරවන අන්දමේ මාරක රිය අනතුර සිදුකර තිබුණේ සමාජය යහමඟ යවන්න රටට බණ කියන හිමිනමක් අතින් වීම ගැන මුළු රටම කතා කරන්නට වූයේ තවත් කඳුළු කතාවක සැඟවුණු සිද්ධියක් රටට හෙළිකරමින්ය. හිමිනමක් පදවාගෙන ගිය කැබ්රියකට යටවී මියගොස් තිබුණේ තාරුණ්‍යයේ සිය බලාපොරොත්තු කරපින්නාගෙන සිතුවම් අඳින 19 හැවිරිදි සිත්තරෙක්. ඔහු දාහත් හැවිරිදියි. ධනුෂ් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් සිටි තරුණයෙක්. ධනුෂ ලක්ෂාන් මාරක රිය අනතුරකට ලක්වී තිබුණේ ඌරුමීවල කුසලඥාන නමැති පිරිවෙන් ගුරුවරයකු පැදවූ කැබ්රියට යටවී බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවුණා. කරවිට ජයන්තිපුර හන්දියේදී පසුගිය 13දා මියගිය සිසුවා තවත් ඔහුගේ මිතුරකු සමඟ යතුරුපැදිය නවතා මහමඟ රැඳීසිටියදී මෙම මාරක රිය අනතුර සිදුවී තිබුණා. එම අනතුරින් තුවාල සිදුවූ ඔහුගේ මිතුරා රත්නපුර රෝහලට ඇතුළත් කෙරුණා. සැකකාර හිමිනම විසින් පදවන ලද කැබ්රථය මාර්ගයෙන් ඉවතට පැන ධාවනය වීම නිසා මෙම මාරක රිය අනතුර සිදුවූ බවයි පොලිසිය පැවසුවේ. රත්නපුර හදිසි මරණ පරීක්‍ෂක බී. එම්. හරීන්ද ලක්මිණ තෙන්නකෝන් මහතා පසුගිය 14දා එම තරුණයාගේ මරණය පිළිබඳව හදිසි මරණ පරීක්‍ෂණය පැවැත්වූ බවද වාර්තා වුණා. එහිදී ඉදිරිපත් වූ සාක්‍ෂි මත සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කරනු ලැබුවා. ඒ අනුව අදාළ සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන රත්නපුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව පසුගිය 17දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ නිවිතිගල පොලිසිය පැවසුවේ, සැකකාර හිමි නම යළි පසුගිය 17දා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එම හිමිනමට රුපියල් ලක්‍ෂ පහක ශරීර ඇප මත මුදාහරිමින් එම නඩුව ලබන මාර්තු 11 දිනට කල් තැබූ බවයි. මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් කැබ්රිය පැදවූ ඌරුමීවල කුසලඥාන හිමිනම රත්නපුර මහරෝහලේ පැවැති හදිසි මරණ පරීක්‍ෂණයේ උන්වහන්සේ හෙළිකර තිබූ සාක්‍ෂියේදී මෙසේ සඳහන් කොට තිබිණි.

“කලවාන නගරයේ සිට මම උගන්වමින් සිටින පිරිවෙනට කැබ්රිය පදවාගෙන එමින් සිටියා. ජයන්තිපුර මංසන්ධිය අසලදී කැබ්රථය පාලනය කරගැනීමට නොහැකිව පාර අයිනේ සිටි තරුණයන් දෙදෙනකු යටකරගෙන ගිහින් කැබ් රථය කොස් ගසක වැදී නතර වුණා. අනතුරු සිදුවූ කැබ්රථය පැදවූයේ මමයි. එම වාහනයේ ලියාපදිංචි අයිතිකරු වන්නේද මමයි. භික්‍ෂුන් වහන්සේ නමක් ලෙස මා හට වාහන පැදවීමට නීත්‍යානුකූල බලපත්‍රයක් නැහැ. මම මෙදින 12.45ට පමණ කැබ්රථය පදවාගෙන කලවාන නගරයේ සිට උගන්වන පිරිවෙන දක්වා පැමිණෙමින් සිටියා. තරුණයන් දෙදෙනා යටකරගෙන අයිනේ තිබූ කොස්ගසක හැපී කැබ්රිය නතර වුණා. මම රිය අසුනෙන් බැස බලද්දී තරුණයන් දෙදෙනා තුවාල වී බිම වැටී සිටියා. පසුව අවට අයගේ සහයෝගයෙන් තුවාලකරුවන් දෙදෙනා නිවිතිගල රෝහලට රැගෙන ගියා. 1990 ගිලන් රථයට දැනුම් දුන්නා. නිවිතිගල පොලිසියෙන් පැමිණ මාව අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගියා. අනතුරට පත්වූ තරුණයෙක් රත්නපුර මහරෝහලේදී මියගිය බව මට දැනගන්නට ලැබුණා. තරුණයා මියගියේ මම පැදවූ කැබ්රථයේ ගැටීමෙන් බව මම පිළිගන්නවා.’
‘මෙහිදී රත්නපුර හදිසි මරණ පරීක්‍ෂක ලක්මිණ තෙන්නකෝන් මහතා දැක්වූ අදහස් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබුණේ මෙසේය.

‘ඔබ වහන්සේ හොඳින්ම නීතිය දැනගෙන කර තිබෙන්නේ වරදක්. බලපත්‍ර නොමැතිව රිය පැදවීමෙන් වටිනා තරුණ ජීවිතයක් අකාලයේ මියගොස් තියෙනවා. මට දැනගැනීමට ලැබුණා ඔබ වහන්සේ රියපැදවූ පළමු අවස්ථාව නොවන බව. රියැදුරකු යොදවාගෙන රිය පැදවීම සිදුකළ යුතුව තිබුණා. මෙම සිදුවීම ගැන මම ඔබ වහන්සේට තරයේ අවවාද කරනවා. මිහිඳුතලා වන සෙනසුනේ විහාරවාසී ඌරුමීවල කුසලඥාන හිමියන් වාහනයක් පදවා අහිංසක තරුණ ජීවිතයක් බිලිගැනීම බොහෝ අයට කම්පනයක් ඇති කළ සිදුවීමක්. මෙම අනතුර නිසා කලවාන වැද්දාගල පදිංචි එච්. ආර්. ධනූෂ ලක්‍ෂාන් (19) තරුණයා පසුගිය 13දා රත්නපුර රෝහලේදී මියගියා. ඔහු මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්‍ෂාව සිටින අයෙක්.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ මියගිය ධනුෂ ලක්‍ෂාන් සමඟ සිටි මිතුරා වූයේ උතුරු වැද්දාගල පදිංචි වල්පොළ ඊශ්වගේ ප්‍රසාද් ප්‍රියදර්ශන නමැති 19 හැවිරිදි තරුණයාය. ඔහු සාක්‍ෂි දෙමින් මෙසේ සඳහන් කළා.
‘මියගිය ලක්‍ෂාන් මාගේ නිවෙස අසල පදිංචි මාගේ මිතුරෙක්. සිද්ධිය වූ දිනයේ 12.30ට පමණ මට ඔහුව කලවාන නගරයේදී හමුවුණා. අපි සංවිධානය කරන ක්‍රිකට් තරගයකට කුසලානයක් ලබාගන්න රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකරට මහතා හමුවීමට යමු කියලා ලක්‍ෂාන් මට කතා කළා. ඒ අනුව මම ඔහුගේ යතුරුපැදියෙන් මන්ත්‍රිතුමාගේ නිවෙස බලා නිවිතිගල යෑමට පිටත් වුණා. යතුරුපැදිය ලක්‍ෂාන් පදවාගෙන ආවා. ඔහුට දුරකතන ඇමැතුමක් ආව නිසා ඔහු යතුරුපැදිය මාර්ගය අයිනට වෙන්න නතර කරලා මමත්, ඔහුත් යතුරුපැදිය නවතා පාරේ තවත් අයිනට ගියා. ඉන්පසුව සිදුවූ දෙයක් මට මතක නැහැ. මට සිහිය එන විට රත්නපුර රෝහලේ හිටියෙ. එතැනදී මම දැනගත්තා හාමුදුරුනමක් රියැදුරු ලෙස සිටි කැබ් රථයකට යටවී මාගේ මිතුරා මියගිය බව.’
මෙම ආන්දෝලනාත්මක සිද්ධියත් සමඟ රටේ වැඩි දෙනකු විවිධ මත පළකරන්නට වුණේ භික්‍ෂුන් වහන්සේලාට රථවාහන පැදවීමට ලයිසන් ලබා දෙන්නේද යන්න සංවාදයකට ලක්කළ යුතු කරුණක් බවයි. සමහර දෙනා සඳහන් කළේ නීතිය කාහටත් සාධාරණ නම් චීවරය දර්ශනය වූ පමණින් බිය නොවී භික්‍ෂුන් පදවාගෙන යන වාහන පොලිසිය විසින් පරීක්‍ෂා කළ යුතුව ඇති බවය. එවැන්නක් සිදුවන බවක් දක්නට නැති බවයි ඔවුන් පවසන්නේ.
මෙම සිද්ධියට මැදිවූ හිමිනමක් පදවාගෙන ගිය කැබ්රිය අනතුර සිදුවූ ගමන් මාර්ගයේ කොතරම් දවසක් ධාවනය වීද යන්නත් ප්‍රහේළිකාවක්. ඒ සම්බන්ධයෙන් මතුවී ඇති ආන්දෝලනය ගැන වැඩිදුරටත් අවධානය යොමු කිරීමේ අටියෙන් ‘මව්රට’ දකුණු පළාත සහ සබරගමුව ප්‍රදේශ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගෙන් විමසීමක් කළා.

අදාළ මාරක රිය අනතුරට සම්බන්ධ හිමිනම අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම අවශ්‍ය පියවර පොලිසිය විසින් අරන් තියෙනවා. නීතිය හරිහැටි ක්‍රියාත්මක වී තියෙනවා.
ප්‍රශ්නය – ඒත් මේ මාරක රියඅනතුර සිදුවෙලා තරුණයෙක් මිය යෑමට පෙර අදාළ හිමිනම මේ කැබ්රිය පදවාගෙන යනු පොලිසිය නොදැක සිටීම ප්‍රශ්නයක් නේද?
පිළිතුර – මේ වගේ වාහන පදවාගෙන යන අයගෙ රියැදුරු බලපත්‍ර නිතීයටද කියලා බැලිය යුතු වෙනවා. ඒක පොලිසියේ අඩුවක් ඒ ගැන සොයා බලනවා.
නිවිතිගල පොලිසියේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු දැක්වූයේ මෙවන් අදහසක්.
‘මේ කියන හිමිනම රියැදුරකු සමඟ යන එන බව පොලිස් නිලධාරීන් කියා තියෙනවා. නමුත් මේ දිනයේ පමණක් රියැදුරකු නොමැතිව යෑම ප්‍රශ්නයක්. අපි අනතුර ගැන නීතිය ක්‍රියාත්මක කර තියෙනවා. අනෙක මේ හිමිනම ජ්‍යොතිෂ කටයුතු කරගෙන යන හිමිනමක් බවට ආරංචි තියෙනවා. එයාගෙ පදිංචිය ගැනත් විවිධ කතා, ඒ කියන්නෙ නිවෙසක් කුලියට අරන් ඉන්න කතාවක් කියනවා. ඒ කතා ගැන පොලිසිය සොයන්න ගියේ නැහැ.’
කොහොම නමුත් මේ ප්‍රශ්නයට අදාළ භික්‍ෂුන් වහන්සේලට රියැදුරු බලපත්‍ර ලබාදී ඇද්ද යන්න ගැන ‘මව්රට’ මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වේරහැර රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කොමසාරිස්වරිය වන මිහිඳුකුල මහත්මියගෙන් විමසා සිටියා. ඇය සඳහන් කළේ භික්‍ෂුන් වහන්සේට මෙතෙක් වාහන පැදවීමේ බලපත්‍ර නිකුත්කර නොමැති බවයි.
භික්‍ෂුන් වහන්සේලාට රියැදුරු බලපත්‍ර ලබා නොදීම ගැන සහ බලපත්‍ර නොමැතිව රිය පැදවීම ගැන මතුවී ඇති සංවාදය ගැන ‘මව්රට’ රාවණා බලය සංවිධානයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගෙන්ද විමසීමක් කළා. උන්වහන්සේ දැක්වූයේ මෙවන් අදහසක්.
‘බුදුන් වහන්සේ ජීවමානව වැඩසිටි යුගයේ එවකට සිටි භික්‍ෂුන් වහන්සේලා අශ්ව කරත්ත පදවල නැහැ. ඇරත් වාහනයක් මිලදීගෙන තියෙන හිමිනමකට රියැදුරකු තබා ගැනීම අපහසු නැහැනේ. මේ හිමියන්ටත් එහෙම කරන්න තිබුණා. වාහන පැදවීමේ බලපත්‍රයක් නැතිව මෙවැනි මාරක රියඅනතුරු සිදුවීම අනුමත කරන්න බැහැ. විදේශ රටවල ස්ථිරව වැඩසිටින භික්‍ෂුන් වහන්සේලාට ජාත්‍යන්තරව වාහන පැදවීමේ බලපත්‍රයක් ලබාදීමේ වරදක් නැහැ. මොකද රටවල රියැදුරන් ලබාගැනීමට අපහසු නිසා.
කොළඹ නාරාහේන්පිට අභයාරාම විහාරාධිපති රාජ්‍යසේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් දැක්වූයේ මෙවන් අදහසක්.
‘මෙවැනි දේවල් සිදුවීමෙන් එය භික්‍ෂුන් වහන්සේලාගේ ගෞරවයට හානියක් වෙනවා.
පොලිස් රථවාහන අංශය භාරව සිටි පසුව වෙනත් ස්ථානයකට මාරු වී සිටින උසස් පොලිස් නිලධාරියකු පැවැසුවේ මෙවන් අදහසකි.
‘දැනට වසර කිහිපයකට පෙර ඔය වගේ ප්‍රශ්නයක් මතුවෙල නායක හිමිවරුන්ගේද අවධානය ඒ ගැන යොමු වුණා. මම දන්නා තරමින් මේ වන විට භික්‍ෂුන් වහන්සේලාට රියැදුරු බලපත්‍ර ලබා දෙන්නේ නැහැ දීලත් නැහැ.’
පොලිසිය එසේ පැවසුවද මහජනයා පවසන්නේ ප්‍රදේශ ගණනාවක වැඩ සිටින ඇතැම් චීවරධාරීන් කැබ්රථ සහ නවීන පන්නයේ මෝටර් රථ පදවාගෙන යන බව පොලිසිය දැක දැකත් ඒ පිළිබඳව සොයා නොබලන බවයි. කැබ්රියක් රියැදුරු බලපත්‍රයක් නොමැතිව පදවා තරුණයකු මියයෑමේ සහ තවත තරුණයකු තුවාල ලබා තිබීම ගැන ඇතැම් මාධ්‍ය මුනිවත රැකගෙන සිටීම ගැනද මහජනයා අතර සංවාදාත්මක කතාබහට ලක්වී තිබෙනවා.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ටෝකියෝ සිමෙන්ති සමාගමෙන් පුහුණු වැඩසටහනක්

Next Post

කතානායක චම්පිකව බලන්න වැලිකඩට යයි

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.