Covid-19 වසංගතය මධ්‍යයේ සෞඛ්‍යාරක්ෂක උපකරණ සඳහා වන මහජන ඉල්ලුමට ප්‍රතිචාර වශයෙන් දේශීයව නිපදවන ඉවත දැමිය හැකි ස්ථර තුනකින් සමන්විත මුහුණු ආවරණ සහ ඩිජිටල් අධෝරක්ත නළල උෂ්ණත්වමාන (Infrared Forehead Thermometers) ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ ප්‍රමුඛතමයා වන්නේ ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමයි. ස්ථර තුනකින් යුතුව මි.මී. 175 x 95 ප්‍රමාණයෙන් නිෂ්පාදනය කරනු ලබන ශල්‍ය මුහුණු ආවරණ, ද්‍රවයන් පැතිර නොයාම සඳහා පිටත ස්ථරය Spun-bound Polypropylene වලින්ද, පෙරුම් ස්ථරය Melt-blown Polypropylene වලින් සහ ඇතුළත අමුද්‍රව්‍යයන් තෙතමනය මනාව අවශෝෂණය කරගැනීම සඳහා වන නොවියන ලද (Non-woven Lint-free) රෙදි මඟින් නිපදවා ඇත. මුහුණු ආවරණය දෙපසින් ඇති කනෙහි රඳවන පහසුවෙන් පැලඳිය හැකි ආකාරයෙන් polyester සහ spandex වලින් නිපදවා ඇත.
ජර්මානු වෛද්‍ය තාක්ෂණය ඔස්සේ සහතික කරනු ලැබූ Lepu Medical Technology සමාගමෙන් ආනයනය කරනු ලබන ඩිජිටල් අධෝරක්ත උෂ්ණත්වමාන දේශීය වෙළෙඳපොළට හඳුන්වා දුන් පළමු සමාගම වන ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත්, ඉදිරි සති කිහිපය තුළ එම නිෂ්පාදනයන් පාරිභෝගිකයන් සහ වෙළෙඳසැල්වලට අලෙවි කිරීමේ කාර්යය අඛණ්ඩව සිදු කරනු ඇත.











