‘චයිනීස් ඩ්‍රැගන් කැෆේ පුද්. සමාගමේ (Chinese Dragon Cafe (Pvt) Ltd) තම බෙදාහැරීම් කටයුතු අතරතුරේදී තම පාරිභෝගික මහතකුගේ ජීවිතය බේරාගත් නාවල ශාඛාවෙහි නායක බෙදාහරින්නකු වන (Delivery Captain) නිලන්ත සමන් කුමාර ද සිල්වා මහතාට උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා එම සමාගම් ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිණි.
නිලන්ත සමන් කුමාර ද සිල්වා මහතා ඇණවුමක් බාරදීමට නිවෙසකට ගොස් සිටියදී හදිසි රෝගී තත්ත්වයකින් වැටී සිටි පුද්ගලයකුගේ ජීවිතය මෙලෙස බේරාගෙන තිබිණි.











