ප්‍රධාන පක්ෂ දෙකේම හොරුන් සිටින බවත්, පක්ෂ බේදයකින් තොරව එම හොරුන් පැරද්දවීමට මෙවර මහමැතිවරණයේදී කටයුතු කළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ මෙවර මැතිවරණයේදී පුද්ගලයන් දෙස හොදින් බලන ලෙසත්, දේශපාලන පක්ෂවලින් කවර පුද්ගලයන් ඉදිරිපත් කළත් පිරිසුදු, හොරකම් නොකළ පුද්ගලයන්ට මනාපය ලබා දෙන ලෙසත්ය.
හොරුන්ට, සල්ලාලයන්ට, මිනීමරුවන්ට, කුඩ්ඩන්ට ජන්දය නොදෙන ලෙසත් හෙතෙම කියා සිටියේය.











