2012 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරණ රැස්වීමකට වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ හට අද (07) තංගල්ල මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කළේය.
හම්බන්තොට, කටුවන ප්‍රදේශයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබු රැස්වීමට එල්ලවූ මෙම වෙඩි ප්‍රහාරයෙන් කාන්තාවක සහ පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබිණ.
ජුලම්පිටිය අමරේ පසුව පොලිසිය භාරවීමෙන් පසුව නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.