කොළඹ විලාසිතා සතිය සිය 18 වන වසර තුළ තිරසාරභාවය පිළිබඳ වැදගත් අංගයක් හඳුන්වා දෙමින්, ලොව පුරා මේ වනවිට පැනනැගී ඇති හදිසි අවශ්‍යතාවයක් වන විලාසිතාවන්ගේ පුණරාවර්තනය පිළිබඳව අවධාරණය කරයි. මෙය ‘පුණරාවර්තන සතිය’ ලෙස නම් කර ඇත. උද්ගතව ඇති මෙම නව පරිසර තත්ත්වයන් තුළ ශ්‍රී ලංකාවේ විලාසිතා නිෂ්පාදන කර්මාන්තය ඊට අනුගත වෙමින්, ඊට අදාළව පරිවර්තනය වීමටත්, නව විලාසිතා නිෂ්පාදන නිර්මාණය කිරීම සඳහා විලාසිතා කර්මාන්තය මෙහෙයවීමත් මෙහි මූලික ඉලක්කයයි.
2021 යනු විලාසිතා කර්මාන්තයේ පරිවර්තනීය වසරක් වන අතර, 2020 දී විලාසිතා හැකි සෑම ආකාරයකින්ම ප්‍රතිව්‍යුහගත කිරීමට බල කෙරුණි.
පශ්චාත්-කොවිඩ් අවධිය අනෙකුත් බොහෝ කර්මාන්තවලට මෙන්ම විලාසිතා කර්මාන්තයට අත් කරදෙනු ලැබුයේ අන් කවරදාටත් වඩා වෙනස් අලුත් භූමි අවකාශයකි. කෙසේ වෙතත්, එහිදී නව අවස්ථා දක්නට ලැබේ. විලාසිතාවලට අදාළ සමස්ත පරිසරය (හා සමාජය) මෙම නව යථාර්ථයට ගැළපෙන පරිදි පරිණාමය වී ඇති අතර ඒ සමඟම පරිභෝජන රටාවන් ද විශාල වශයෙන් වෙනස් වී ඇත. මේ වනවිට මිනිසුන් විලාසිතා දෙස බලන ආකාරය, ඒවා මිලදී ගන්නා, පරිභෝජනය කරන හා ඒ සමග සම්බන්ධ වන ආකාරයේ විශාල වෙනසකට භාජනය වෙමින් පවතී.











