2020 පළමු කාර්තුව තුළදී හැටන් නැෂනල් බැංකුව බදු ගෙවීමෙන් පසු රුපියල් බිලියන 2.6ක ශුද්ධ ලාභයක් ලබා ඇති බව එහි සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා සදහන් කරයි.
එය ඉකුත් වසරේ පළමු කාර්තුව හා සන්සන්දනය කිරීමේදී රුපියල් මිලියන 607ක ඉහළ යාමකි.
මීට අමතරව හැටන් නැෂනල් බැංකු සමූහය 2020 පළමු කාර්තුවේදී බදු ගෙවීමෙන් පසු රුපියල් බිලියන 3.3ක ශුද්ධ ලාභයක් වාර්තා කොට ඇති බවද දැනගන්නට තිබේ.
කොරෝනා වයිරසය හේතුවෙන් ලෝකයේම බැංකු පද්ධතිය සහ මූල්‍ය ක්ෂේත්‍රය බරපතළ අර්බූදයකට ලක්වද්දී හැටන් නැෂනල් බැංකුව ලැබූ මෙම වර්ධනය වාර්තාගත එකක් බව එහි ප්‍රධානීහු සදහන් කර සිටිති.
දිනේෂ් වීරක්කොඩි මහතා එහි සභාපති ධූරය දරන අතර කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සහ ප්‍රධාන විධායක නිලධාරී ධූරය හොබවන්නේ ජොනතන් අලස් මහතා විසිනි.











